දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රුවන් විජේවර්ධන කමිටු-වාර්තාව මෙන්න.
Homeගොසිප්

රුවන් විජේවර්ධන කමිටු-වාර්තාව මෙන්න.

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව රුවන් විජයවර්ධන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පිහිටවූ කමිටු වාර්තාව අප වෙත ලැබී තිබේ. පහතින් පල...

යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් වෙයි.
අගමැති රනිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කෙරේ?
'රාජපක්ෂලාව එජාපයෙන් ආරක්ෂා කරන්නේ නෑ'


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව රුවන් විජයවර්ධන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පිහිටවූ කමිටු වාර්තාව අප වෙත ලැබී තිබේ.

පහතින් පලවන්නේ එම වාර්තාවයි.

පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව ගරු රුවන් විජයවර්ධන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පුළුල්ව සාකච්ඡා කරනු ලදුව  සියළුදෙනාගේ පොදු එකඟතාවයට අනුව මතු සඳහන් යෝජනා ඉදිරිපත් කරමු.

01. පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීකරණයට ලක් කල යුතු බවට එකඟ වේ.

1.1 ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට පසුව පක්ෂ නායකත්වය ඡන්දයකට යොමු කිරීමට ව්‍යවස්ථාව තුල ඉඩකඩ තිබිය යුතුයි.

1.2 එම ඡන්ද විමසීමේදී කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදිය යුතුයි.

02. පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලම ( සභාපති, මහලේකම්, ජාතික සංවිධායක ඇතුළුව) වඩා ක්‍රියාශීලී නව නායකයින්ට ලබාදීම.

2.1 පක්ෂය තුල ප්‍රබල සංවිධානයක් විය යුතු   බවට පවතින ජන මතයට ගරු කරමින් පක්ෂයේ මීළඟ නායකත්වය පත් කිරීම

2.2 රට පුරා ගොස් පක්ෂයේ සංවිධාන ගොඩනැඟීමට නියෝජ්‍ය නායකතුමාට පක්ෂ ව්‍යවස්ථාවෙන් බලතල පවරාදීම

2.3 වඩා ජන ආකර්ෂණය සහිත උප නායකවරු කිහිපදෙනෙක් පත් කිරීම

2.4 පක්ෂයේ මහලේකම් ධූරය සඳහා පක්ෂයේ ඕනෑම අයෙකුට සෘජුව සම්බන්ධීකරණය විය හැකි පරිදි ඉදිරි මැතිවරණයකදී ජාතික ලැයිස්තුවෙන් පත්වීමේ පදනම මත දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු පත් කිරීම.

2.5 පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර සඳහා මූල්‍ය පාලනය පිළිබඳ අවබෝධයක් ඇති ගණකාධිකාරීවරයෙකු පත්කිරීම.

03. පක්ෂයේ ප්‍රධාන තනතුරු වලට අමතරව පක්ෂ ව්‍යූහය ප්‍රතිසංවිධානය කොට නව තනතුරු ඇතිකර එම තනතුරු සඳහා ප්‍රායෝගිකව සමස්ථ රට තුලම වැඩකල හැකි පරිදි දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයන් පත්කිරීම

3.1 පක්ෂයේ මතය සන්නිවේදනය හා ප්‍රවර්ධනය සඳහා දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්

3.2 මාධ්‍ය ක්ෂේත්‍රයේ වඩා ආකර්ශණීය මට්ටමකට ගොඩනැඟිය හැකි දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්

3.3 සමාජ මාධ්‍ය ජාලා මෙහෙයවිය හැකි අවම 50කට ආසන්න කණ්ඩායමක් සහිත දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්

3.4 පක්ෂ සාමාජික ප්‍රවර්ධනය සඳහා දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්

3.5 පක්ෂයට අනුබද්ධිත වෙනත් සංවිධාන ප්‍රවර්ධනය සඳහා දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්

3.6 වෙනත් සිවිල් සංවිධාන (ස්වේච්ඡා සංවිධාන) ප්‍රවර්ධනය කොට පක්ෂය වටා එකතු කරගැනීමට දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්

3.7 පක්ෂයේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්

3.8 පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක් සහිත අංශයක් පිහිටුවීම

3.9 පූර්ණකාලීනව පක්ෂ මූලස්ථානය තුල රැඳී සිටිමින් බිම් මට්ටමේ පක්ෂ නියෝජිතයින් දක්වා සම්බන්ධීකරණය විය හැකි තනතුරක් ඇති කිරීම.
උදා: ප්‍රධාන විධායක නිළධාරී (CEO)


මෙම තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන අයකු පත් කිරීම සුදුසු යැයි යෝජනා කරන අතර එම පුද්ගලයාට සෘජුවම පක්ෂ නායකතුමා ඇතුළු පක්ෂ සංවිධානයේ ප්‍රධාන තනතුරු හොබවන නිළධාරීන් හා සම්බන්ධ වී පක්ෂයේ අනිකුත් නියෝජිතයන්ට මතුවන ගැටළු වලදී කඩිනම් විසඳුම් ලබාදිය හැකි පරිදි බලතල ලබාදිය යුතුය.

(පිටු අංක 11)

(සෑම තනතුරක් සඳහාම පක්ෂ යාන්ත්‍රණය හා පක්ෂ ප්‍රතිපත්ති රාමුව තුල පිහිටා ස්වාධීනව තීරණ ගෙන ක්‍රියාත්මක වීමේ බලය ලබාදිය යුතුයි)

04. පක්ෂයේ ග්‍රාමීය සංවිධාන වල දැනට පවතින නම් වෙනස් කොට වඩා ආකර්ශණීය මගකට යොමු කිරීම
උදා:  ලක් වනිතා / යොවුන් සංවිධාන

05. පක්ෂය තුල ආගමික පදනම ශක්තිමත් කිරීමට කටයුතු කිරීම.

5.1 සිංහල බෞද්ධ පදනම පක්ෂය තුල ශක්තිමත් කිරීම සඳහා සිංහල බෞද්ධ පදනමක් ඇති ශක්තිමත් නායකත්වයක් ඇති කිරීම.

06. මන්ත්‍රී ධූරයක් නොමැති ආසන සංවිධායකවරුන්ට සහ කොට්ඨාශ හා දිස්ත්‍රික් කලමණාකරුවන්ට රාජ්‍ය ආයතනවල සභාපති, කළමණාකරණ අධ්‍යක්ෂ හෝ උපදේශක ආදී තනතුරු ලබාදීම (වැටුප් හා වාහන පහසුකම් සහිතව)

07. ආසන සංවිධායකවරුන් නොවන පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඒ ඒ දිස්ත්‍රික්ක වල ආසන සංවිධායකවරුන්ගේ එකඟතාවය හා නායකත්වය මත පක්ෂයේ කටයුතු සිදුකිරීමට යම් නිශ්චිත කොට්ඨාශයක්, ප්‍රදේශයක් ලබාදීමට කටයුතු කිරීම

08. සිරිකොත කාර්ය මණ්ඩලය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීම.

09. පක්ෂ අරමුදල ශක්තිමත් කිරීමට කටයුතු කිරීම.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ , වත්මන් දේශපාලන පරිසරය තුල ඇති වී ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට හා වර්ධනය කර ගැනීමට ඉහත සඳහන් යෝජනා  ඇතුළු අවශ්‍ය වෙනස්කම් කඩිනමින් සිදුකල යුතු බව යෝජනා කර සිටිමු.

එ.ජා.ප. ප්‍රතිසංවිධාන කමිටුව

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රුවන් විජේවර්ධන කමිටු-වාර්තාව මෙන්න.
රුවන් විජේවර්ධන කමිටු-වාර්තාව මෙන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgA0WW_G_vX0hczj4eA-7wkVOA6pFv28kp_lXFPMDfKAdiV4XeqLSvl8h78JB2iC1ePf0qdBPDFuGzy204KHx9kXV6FFfr6HXUBdgHs-i-kFMnAd275oAaWciYgYwsdhsvyNEp8im-gh58/s1600/rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgA0WW_G_vX0hczj4eA-7wkVOA6pFv28kp_lXFPMDfKAdiV4XeqLSvl8h78JB2iC1ePf0qdBPDFuGzy204KHx9kXV6FFfr6HXUBdgHs-i-kFMnAd275oAaWciYgYwsdhsvyNEp8im-gh58/s72-c/rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_68.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_68.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy