දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාරණය අහිංසක ද? - අපිටත් මිළක් තිබේ ද?
Homeගොසිප්

වාරණය අහිංසක ද? - අපිටත් මිළක් තිබේ ද?

PropellerAds

Info Sri Lanka News වෙත ප්‍රවේශ වීමට සිදුව ඇති බාධාවන් පිළිබඳව පළකර ඇති අදහස් සම්බන්ධයෙන් ඔබ සැමට ස්තුතිවන්ත වෙමු. වෙබ්අඩවියට ප්‍රවේශ වී...

තමන්ට ඕන දේ නොකළ නිසා මංගල රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය එළෙව්වා - විමල්
සැමියා දැන් මට ආදරෙ නෑ කියා ලිපියක් ලියා බිරිඳ ගෙල වැලලාගෙන
එක්සත් ජනපදය සීතලෙන් ගල් වෙයි (photos)

Info Sri Lanka News වෙත ප්‍රවේශ වීමට සිදුව ඇති බාධාවන් පිළිබඳව පළකර ඇති අදහස් සම්බන්ධයෙන් ඔබ සැමට ස්තුතිවන්ත වෙමු.

වෙබ්අඩවියට ප්‍රවේශ වීම වාරණයකට ලක්ව තිබු නමුත් මේ වන විට එයට ප්‍රවේශ වීමේ හැකියාව බොහෝ අයට ලැබී තිබේ.

කෙසේ නමුත් ඇතැම් අන්තර්ජාල සම්බන්දතා තුලින් ප්‍රවේශ වීමේ අපහසුතා තවමත් ඇති බව ද වාර්තා වේ. ඊයේ සිට වෙබ්අඩවිය තාක්ෂණික යාවත්කාලින කිරීම් ගණනාවකට ලක්කිරීමට මේ හේතුවෙන් සිදු වූ අතර, අප තාක්ෂණික අංශය ද තවමත් වෙබ්අඩවියේ තාක්ෂණික දෝෂයන් සොයා බලමින් සිටින නමුත් සැළකිය යුතු තරමේ තාක්ෂණික අර්බුධයක් ද වෙබ්අඩවිය තුල මතුව නැති බව ඔවුන් පවසයි.

වෙබ්අඩවිය වෙත ප්‍රවේශ වීමට සිදුවූ සහ සිදුව ඇති බාධාවන් කුමන පාර්ශවයන් තුළින් එල්ලවූ බලපෑමක් ද යන්න පිළිබඳව අප තුල දල අදහසක් ඇති අතර ඒ පිළිබඳව හෙළිදරව්වක් නුදුරේ දීම සිදු කිරීමට කතෘ මණ්ඩලය කටයුතු කරනු ඇත.

වාරණයටත්, මර්ධනයටත් දිගින් දිගටම ලක්වෙමින් සිටින අප වෙබ්අඩවිය සියළු දුශිතයන්ගේත්, මර්ධිතයන්ගේත් පොදු හතුරා බවට පත්ව තිබේ.

අප සැඟවී පහර දෙන වෙබ් කලාවක් අනුමත කරන්නෝ නොවෙමු. මේ නිසාම මර්ධිතයෝ අප වෙබ්අඩවිය නිරන්තරයෙන් පිඩාවට පත් කළහ.

අප වෙබ්අඩවියේ හිමිකරුවන්, මාධ්‍යවේදීන් රහස් පොලීසියට, පොලීසියට කැඳවූ විට අප සැඟවී සිටියේ නැත. අපට එරෙහිව නඩු පවා මෙරට අධිකරණයන් හී විභාග විය... ඒවාට ද අප ඉදිරිපත් නොවී සිටියේ නැත.. ඇත්තෙන් ම කිව්වොත් අපට නැතිවන්නට දෙයක් නැත... අපට තිබු සියල්ල අප සමඟ උරණ වූ දුෂිතයන් හා මර්ධිතයන් උදුරා ගෙන තිබේ. ඒ නිසා අප සටනට බිය නැත... මන්ද කාටවත් අප ණය නැත.... පෝස්ටර් අලවන්නේ නැති වුවද අප බයත් නැත....

මේ අපව වාරණය කළ පළමු අවස්ථාව ද නොවේ, එසේම මෙය අවසන් අවස්ථාව ද නොවන බව අප දනිමු... එහෙත් අදහස් කිසිවෙකුට මරා දැමිය නොහැකි බවට අප විශ්වාස කරන්නෙමු....

අවසානයේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම පිළිගන්නා මෙන් ම, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙක් ද වන අප වෙබ් අඩවිය, පිළිතුරු දීම සඳහා ඇති අයිතිය ද සනාථ කර තිබිය දී සිදු කල වාරණය පිළිබඳව කණගාටු වන්නෙමු....

අවසානයේ අප හිතවත් පාඨක ඔබට යමක් කීමට කැමැත්තෙමු... අප වෙබ්අඩවිය නවතා දැමිය හැක්කේ අපේ මරණයෙන් පමණක් නිසා කුමන වාරණයකට ලක්වුවද අප ඔබේ තොරතුරු දැනගැනීමේ පිපාසාව සංසිඳවන පොරොන්දුව අප ඔබට ලබා දෙන්නෙමු!!!

අප වෙබ්අඩවියට මිළක්, අප මාධ්‍යවේදීන්ගේ වැටුපට මිළක් සේම වෙබ්අඩවියේ දැන්වීමකට මිළක් නියමව තිබුණ ද අප හෘද සාක්ෂියට මිළක් නොමැති බව ද අවසානයට මෙහි සටහන් කරන්නෙමු...

වෙබ්අඩවිය සහ කතෘ මණ්ඩලය වෙනුවෙන්, 
[විමුක්ති දුෂාන්ත]
-හිමිකරු- 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාරණය අහිංසක ද? - අපිටත් මිළක් තිබේ ද?
වාරණය අහිංසක ද? - අපිටත් මිළක් තිබේ ද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhL0RwLchjy4jTRpL44i7P9Zcm4uUfuau6IRyp_vFEXIrGXHqzQETVGcca81TZ4412600HsOZujl5gfIyvBUCi35UrTlm5_fnlgaECgXFymlDHi008G3u1op56iiV8BUCIQaIuuSrE4Nms/s1600/01e1a566-1f89-4726-b734-b1b3f61c939f_16x9_788x442-1200x550.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhL0RwLchjy4jTRpL44i7P9Zcm4uUfuau6IRyp_vFEXIrGXHqzQETVGcca81TZ4412600HsOZujl5gfIyvBUCi35UrTlm5_fnlgaECgXFymlDHi008G3u1op56iiV8BUCIQaIuuSrE4Nms/s72-c/01e1a566-1f89-4726-b734-b1b3f61c939f_16x9_788x442-1200x550.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy