යාපනය මහ නගර සභාවේ බලය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට තවත් පක්ෂ දෙකක සහය ලැබීමත් සමග අද (26) යාපනය මහනගරාධිපති වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ හි...
යාපනය මහ නගර සභාවේ බලය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට තවත් පක්ෂ දෙකක සහය ලැබීමත් සමග අද (26) යාපනය මහනගරාධිපති වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා මන්ත්‍රී එමානුවේල් අනොල්ඩ් මහතා දිවුරුම් දෙනු ලැබීය.
එමානුවෙල් අනොල්ඩ් මහතා දිවුරුම් යාපනය මහ නගර සභාවේදී උතුරු පලාත් පාලන කොමසාරිස් එම්. පැට්‍රික් ටිලන්ජන් මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.
පැවති පලාත් පාලන මැතිවරණය යාපනය මහ නගර සභාව වෙනුවෙන් වෙනුවෙන් ඡන්ද 14924 ක් ඡන්ද ලබාගෙන තිබූ අතර මන්ත්‍රී ආසන 18 ක් හිමිව තිබුණි.
අනතුරුව අද දිනයේදී දෙමළ ජනතා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරු 13 ක් හා ඊ.පී.ඩී.පී. පක්ෂයේ මන්ත්‍රීවරු 13 දෙනෙකු දෙමළ ජාතික සන්ධානයට සහය පල කිරීමත් සමග දෙමළ ජාතික සන්ධානයෙන් යාපනය මහ නගර සභාපති වශයෙන් යෝජනා කොට තිබූ එමානුවේල් ආනෝල්ඩ් මහතා නිතරගයෙන් යාපනය මහ නගරාධිපති වශයෙන් තේරී පත් විය.
එමානුවෙල් ආනෝල්ඩ් මහතා මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ උතුරු පලාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරීපත් වී පසුව පැවති පලාත් පාලන මැතිවරණයේදී පලාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී මහ නගර සභාවට තරග කල අතර එහිදී පක්ෂයේ හා මහජනතාවගේ කැමැත්ත පරිදි අද දින මහ නගරාධිපති වශයෙන් දිවුරුම් දෙනු ලැබීය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS