කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව පසුගිය පෙබරවාරි 20 වන දා කොළඹ කලාපයේ පළාත් සභා සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන් වෙත මෙම ල...
කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව පසුගිය පෙබරවාරි 20 වන දා කොළඹ කලාපයේ පළාත් සභා සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන් වෙත මෙම ලිපිය යොමු කර තිබේ.
එහි දැක්වෙන්නේ, විද්‍යාලයේ පැවැත්වෙන විශේෂ උත්සව, විවෘත කිරීම්, මුල්ගල් තැබීම් වැනි පොදු උත්සව අවස්ථා සඳහා ප්‍රදේශය නියෝජනය කරන සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර ලබා දිය යුතු බව ය.
එමෙන් ම ඔවුන් උත්සවයට පැමිණි පසු නිසි ගෞරව දැක්වීම රාජ්‍ය නිලධාරියෙකු ලෙස විදුහල්පතිවරුන් විසින් අනිවාර්යයෙන් කළ යුතු බව ද මෙම ලිපියේ සඳහන් ය.
COMMENTS