දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඉන්න පාලකයන් දුර්වල නිසා ජනතාව හිට්ලර්ලා ප්‍රභාකරන්ලා ඉල්ලනවා" - මෛත්‍රී
Homeප්‍රවෘත්ති

"ඉන්න පාලකයන් දුර්වල නිසා ජනතාව හිට්ලර්ලා ප්‍රභාකරන්ලා ඉල්ලනවා" - මෛත්‍රී

PropellerAds

රට පාලනය කරන පාලකයන් නිසි අයුරින් එය නොකරන නිසා ජනතාව හිට්ලර් කෙනෙකු දකුණටත් ප්‍රභාකරන් කෙනෙකු උතුරටත් ඉල්ලන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ...

මොලයක් නෑ කියූ සජිත්ගේ පක්‍ෂයෙන් රන්ජන් තරග වදී ! සජිත් එකග වෙයි !
රටපුරා ඇති සම්පත් ATM අනාරක්ෂිත බව ITSSL කියයි
කොළඹ ඉසිපතන මාවතේ ඉඩමක් බලෙන් අත්පත් කරගන්න මුස්ලිම් දේශපාලකයෙක් දත කයි

රට පාලනය කරන පාලකයන් නිසි අයුරින් එය නොකරන නිසා ජනතාව හිට්ලර් කෙනෙකු දකුණටත් ප්‍රභාකරන් කෙනෙකු උතුරටත් ඉල්ලන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ඊයේ උදැසන ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මේ බව කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“පැවති පාලනය පෙරලා දමා ලක්ෂ හැට දෙකක ජනතාවක් යහපාලනය ගෙන ඒමට කටයුතු කරත් අද වනවිට යහ පාලනය යම පාලනයක් බවට පත් වී තිබෙනවා.ඒ වගේම යහපාලනය ගෙන ඒමට පෙනී සිටි උගත් බුද්ධිමත් සමාජ කණ්ඩායමක් වලට වගේම ඒ වෙනුවෙන් පෙනී සිටි කලාකරුවන් ඇතුළු තරුණ කොටස් වලටත් අද ජනතාවට මුහුණ දෙන්න බැරි තත්වයක් උදාවෙලා.සමාජයේ ඉහල ඉඳන් පහලටම දුෂණය වංචාව පිරිලා.මේ ආණ්ඩුව මුලින්ම මහ බැංකුව කඩලයි වැඩ පටන් ගත්තේ,ඊට පස්සේ රටේ තියෙන රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විදේශිකයන්ට විකුනන්න පටන් ගත්තා.අද අගමැතිවරයා විනෝදාංශයක් විදියට ජාතික සම්පත් විකුණා දමනවා.රටේ ජනතාවට කන්දීමක් නැහැ.අගමැතිවරයා කරන වැඩ ජනධිපතිවරයා දන්නේ නැහැ කියනවා.ඛනිජ තෙල් මිල ඉහල දමනවා ඛනිජ තෙල් ඇමතිවරයා දන්නේ නැහැ.මුදල් ඇමති මිල වැඩි කරනවා ඛනිජ තෙල් ඇමති මිල බස්සනවා,රටේ මිනිස්සු නග්ගනවා දන්නෙත් නැහැ බස්සනවා දන්නෙත් නැහැ”

“පසුගිය කාලය පුරා සමාජය දිහා බැලුවම අපිට පේනවා මැති ඇමතිවරු හොරකමට කප් ගහපු තත්වයක්,හැමතැනම හොරකම,වංචාව,දුෂණය.ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානියා අල්ලස් අරන් අතේ මාට්ටු උනා.රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති අල්ලස් අරන් අතේ මාට්ටු උනා.මැති ඇමතිවරු ජාවරම්කාරයන්ගෙන් සල්ලි අරන් මැතිවරණ කරලා ගලේ පහරපු බළලුන් තත්වයට පත්වෙලා වහගන්න බැරුව දගලනවා.රටේ නීතියක් නැහැ,රටේ සදාචාරයක් නැහැ,ඇමතිවරු අධිකරණයට අපහස කරනවා.මොනවද මේ වෙන්නේ කියලා හිතාගන්නවත් බැහැ.සමාජය අද භීතියට පත්වෙලා,ව්‍යාපාරිකයන් බියට පත්වෙලා,ව්‍යාපාරිකයන් ඒක පැත්තකින් ආණ්ඩුව බදු ගහල හුරගෙන කනවා.තව පැත්තකින් පාතාලය තුවක්කු පෙන්නලා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නවා.අද ලංකාව චිකාගෝව තරමට පාතාලය වැඩ පටන් අරන්.පොලිස් වෙඩි පහරකින් අපරාධකාරයෙක් මිය ගියාම ඇමතිවරු පොලිසිය විවේචනය කරනවා.දැන් පොලිසිය බයයි තමන්ගේ රාජකාරිය කරන්න,ඒ නිසා අද මුළු රටම අපරාධකාරයන්ගේ හා දුෂිත දේශපාලඥයන්ගේ පාරාදීසයක් වෙලා.අපි ඉස්සර මෙහෙම දේවල් දැක්කේ දකුණු ඉන්දියානු දමිල චිත්‍රපටවල,අද අපි ශ්‍රී ලංකාවේ එහෙම තත්වයක් යහපාලන යුගයේ දකිමින් ඉන්නවා.පසුගිය මාස 6 මිනිමරුන් 214 සිදු වුන බවට පුවත්පත් වාර්තා කොට තිබුනා,ඒවගේ අවස්ථා 26ක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙලා තිබුනා.පසුගිය 2017 වසරේ මිනීමැරුම් 452ක් ජන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.”

“වෙඩරුවේ උපාලි හාමුදුරුවෝ හිට්ලර් පාලනයක් ඉල්ලුව කියලා ඒ හාමුදුරුවන්ට විශාල විවේචනයක් ආවා.නමුත් හාමුදුරුවෝ ව්‍යංගයෙන් කිව්වේ රටට ශක්තිමත් පාලනයක් අවශ්‍යයි කියලා.විජේකලා ප්‍රභාකරන් කෙනෙක් ඉල්ලුවා.අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදියට ත්‍රස්තවාදී නායකයෙක් නැවත ඕනේ කියපු ප්‍රකාශය හෙලා දකිනවා.නමුත් අපි ඒ කතාව කියන්න වුනේ ඇයි කියලත් හොයල බලන්න වටිනවා.ඇය එහිදී කියනවා පාලකයන් ඒ ප්‍රදේශවලට කිසිවක් කරන්නේ නැහැ කියලා.ඇත්තටම අපිත් උතුරු ප්‍රදේශයේ සංචාරය කරා.ඒ ප්‍රදේශවල ජනතාවට ප්‍රශ්න තියෙනවා.ආණ්ඩු දෙමල ජාතික සන්ධානය නිසා සෘජුව මේ ප්‍රශ්න විසදන්න ඉදිරිපත් වෙන්න බයයි.දකුණේ සිංහල නායකයෝ ගිහින් කතා කරන්නේ උතුරේ දෙමල ජාතික සන්ධාන මන්ත්‍රීවරු එක්ක පමණයි.ඔවුන් ජනතා ප්‍රශ්න විසදන්න කැමති නැහැ.ඒ අයට අවශ්‍ය ජනතාව ඒ අයගේ පලිහක් විදියට තියාගන්න.ඒ නිසා ආණ්ඩුව මේ ප්‍රශ්න ගැන මීට වඩා අවධානය යොමු කරන්න අවශ්‍යයි.ආණ්ඩුවට ඒ දේ නොකර හිටියොත් විජේකලා කිව්වත් නැතත් කවුරු හෝ දෙමල ජනතාව මුලා කරලා කැරැල්ලක් ඇති කරන්න පුළුවන්.ඒ ජනතාව ඉන්නේ ලොකු පිඩනයකින්,ඒ පීඩනය කොයි විදියකින් හරි පුපුරා යන්න පුළුවන්.එහෙම උනාම බල්ලෝ බළල්ලු වගේ මිනිස් ජීවිත විනාශ කරලා වැඩක් නැහැ.ඒ නිසා මේ ඉන්න නායකයෝ දෙන්නට මේ රට ජනවාරි 08න් ඉස්සරහට අඟලක්වත් ගෙනියන්න බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.දුර්වල නායකත්වය නිසා මිනිස්සු හිට්ලර්ලා ප්‍රභාකරන්ලා ඉල්ලනවා.මේවට මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ.ආණ්ඩුවක් විදියට දර්ශනයක් නැති උනාම පාලනයක් නැති උනාම මිනිස්සු තමන්ට ඕන ඕන විදියට හැසිරෙනවා” යනුවෙන්ද ඒ මහතා  ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඉන්න පාලකයන් දුර්වල නිසා ජනතාව හිට්ලර්ලා ප්‍රභාකරන්ලා ඉල්ලනවා" - මෛත්‍රී
"ඉන්න පාලකයන් දුර්වල නිසා ජනතාව හිට්ලර්ලා ප්‍රභාකරන්ලා ඉල්ලනවා" - මෛත්‍රී
http://am.lk/media/k2/items/cache/ec8a1db998a04702a3adc974d1163873_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_313.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_313.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy