ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය තමන්ට ලැබුණහොත් පක්ෂය යළි ශක්තිමත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ජනාධිපති...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය තමන්ට ලැබුණහොත් පක්ෂය යළි ශක්තිමත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ශක්තිමත් කිරීමට තමන්ට හැකියාව පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් එවන් තනතුරක් තමන්ට ලැබෙන්නේදැයි නොදන්න බවද ඒ මහතා පැවසීය.
කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර ශ‍්‍රීලනිපයේ තාවකාලික මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතාගේ ධුර කාලය ලබන බදාදා දිනයෙන් අවසන් වීමට නියමිතය.
COMMENTS