රාජිත සේනාරත්න, චම්පික රණවක, සරත් ෆොන්සේකා ඇතුළු ඇමතිවරුන් බහුතරයක් විශේෂ අධිකරණයක් පිහිටුවීම සඳහා පක්ෂව කරුණු දක්වා ඇති අතර ඔවුන් පෙන්වා...
රාජිත සේනාරත්න, චම්පික රණවක, සරත් ෆොන්සේකා ඇතුළු ඇමතිවරුන් බහුතරයක් විශේෂ අධිකරණයක් පිහිටුවීම සඳහා පක්ෂව කරුණු දක්වා ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහිව සිදුකරන පරීක්ෂණ අධිවේගයෙන් ගමන් කරද්දී හිටපු රජයේ දූෂණ-වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ඉබි ගමනේ යන බවයි. මේ සම්බන්ධයෙන් අදාල ඇමතිරුන් කාලයක සිට විවිධ අවස්ථාවලදී ප්‍රකාශ නිකුත් කළ අතර ඔවුන් ප්‍රකාශ කළේ අදාල වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කටයුතු වේගවත් කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවයි.
මීට පෙර ඇවන්ගාර්ඩ් සමාගමට එහෙරිව සිදුකළ පරීක්ෂණවලදී ද අධිකරණ ඇමතිවරයා එම සමාගම වෙනුවෙන් සෘජුව පෙනීසිටි අතර එකළ බොහෝදෙනා ප්‍රකාශ කළේ නුදුරේදීම විජේදාස ඇමතිවරයා ඒකාබද්ධ විපක්ෂය හා එක්වන් ඇති බවයි. එහෙත් ඔහු දිගින් දිගටම රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අතර අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය.
විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ විශේෂ අධිකරණයක් පිහිටුවීමට අවශ්‍ය නම් ඒ සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළයුතු බවයි. එහෙත් කැබිනෙට්ටුව නියෝජනය කරන සාමාජිකයන් බහුතරයකගේ මතය වී ඇත්තේ එසේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
කැබිනට් මණ්ඩලය නියෝජනය කරන නීති විශාරදයෙකු වන තිලක් මාරපන මහතාගෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් විමසා ඇති අතර මාරපන මහතා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ රජයට විශේෂ අධිකරණයක් පිහිටුවීම සඳහා බලය ඇති බවයි.
COMMENTS