පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (15) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට තර්ජනය කළ බවට එම නිලධාරීන් අධිකරණයට කර...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (15) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට තර්ජනය කළ බවට එම නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට සැරසෙන බව වාර්තා වේ.
“උඹේ බඩ වැඩියි, අපි ආණ්ඩුව ගන්නවා..ඊට පස්සෙ උඹේ බඩ බස්සනවා” යනුවෙන් නාමල් තර්ජනය කළ බව එසේ තර්ජනයට ලක්වූ පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් මහතා උසස් නිලධාරීන්ට පැමිණිලි කර තිබේ.
නාමල්ට එරෙහිව කොළඹ කොටුවේ ඉදිකිරීමට නියමිතව තිබූ ක්‍රිෂ් (Krrish) නමැති ඉන්දියානු ඉදිකිරීමේ ව්‍යාපෘතියට අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියේ විමර්ශන සිදුකරනු ලැබුවේ අදාළ නිලධාරියා විසින් බව පැවසේ.
මීට පෙරද නාමල් සිය සඟයන්ට “මුගේ ෆොටෝ ගනින්” යැයි කියමින් තමන්ට අරියාදු කළ බව කියමින් ශාන්ත ලලිත් මහතා පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබිණි.
නාමල් රාජපක්ෂ ක්‍රිෂ් නඩුවට තමන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු වාර්තා කළ බව කියමින් ලලිත් මහතාට එරෙහිව රුපියල් මිලියන 400ක වන්දියක් ඉල්ලා නඩුවක්ද පවරා තිබේ.
මේ සම්බන්ධයෙන් Gossip Lanka Political පළකර තිබු වාර්තාවක් පහතින්,
COMMENTS