දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවිධිමත් මාර්ග සංවර්ධනයෙන් ජීවිත බිලිගනී - පාර මැද අධිබලැති විදුලි කණු
Homeප්‍රවෘත්ති

අවිධිමත් මාර්ග සංවර්ධනයෙන් ජීවිත බිලිගනී - පාර මැද අධිබලැති විදුලි කණු

PropellerAds

කෝට්ටේ - බෝපේ මාර්ගයේ ගොඩගම සිට පාදුක්ක බෝපේ දක්වා කොටසේ (B240) මාර්ගය පුළුල් කිරීමේදී මාර්ගය මැද අවහිර වන සේ අධිබලැති විදුලි කණුවක් තිබීම...

රංගන හේරත් විවේක ගන්වයි
මහනුවර ඇසළ පෙරහැරේ ශිල්පීන්ට ජනපති අතින් සම්මාන
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අද !
අවිධිමත් මාර්ග සංවර්ධනයෙන් ජීවිත බිලිගනී - පාර මැද අධිබලැති විදුලි කණු

කෝට්ටේ - බෝපේ මාර්ගයේ ගොඩගම සිට පාදුක්ක බෝපේ දක්වා කොටසේ (B240) මාර්ගය පුළුල් කිරීමේදී මාර්ගය මැද අවහිර වන සේ අධිබලැති විදුලි කණුවක් තිබීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබේ.

මේවන විට මංතීරු දෙකක පුළුල් මාර්ගයක් ලෙස කෝට්ටේ - බෝපේ මාර්ගය ඉදිකරමින් පවතින අතර එම විදුලි කණුව ඉවත් නොකර මාර්ගය පුළුල් කිරීමේ කටයුතු සිදු කර තිබේ.

මෙවැනි ආකාරයේ අවිධිමත් මාර්ග සංවර්ධනය හා නඩත්තුව හේතුවෙන් රටේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවන බවද මෙලෙස පිලිවලකින් තොරව සිදුවන ඇතැම් මාර්ග සංවර්ධනය හා අවිධිමත් නඩත්තු හේතුවෙන් යතුරුපැදිකරුවන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් වසරකට අහිමි වන බවද සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය පහතින්,

සභාපති,
මාර්ග සංවර්ධන අධිකාරිය,
කොස්වත්ත,
බත්තරමුල්ල.

ගරු. සභාපතිතුමනී,

රටේ අවිධිමත් මාර්ග සංවර්ධනය හා නඩත්තුව

රට පුරා සිදුවන අවිධිමත් මාර්ග සංවර්ධනය හා නඩත්තුව හේතුවෙන් රටේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවේ. පොලිසිය ද, ජනතාව ද, මේ කාරනා වේදී අන්ත අසරණ වෙති. මෙලෙස පිලිවලකින් තොරව සිදුවන ඇතැම් මාර්ග සංවර්ධනය හා අවිධිමත් නඩත්තු හේතුවෙන් යතුරුපැදිකරුවන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් වසරකට අහිමි වේ.

මාර්ග සංවර්ධනය හා නඩත්තුව පිළිබඳව සුදුසුකමක් හා උපකරණ නොමැති ආයතන හා පුද්ගලයන් වෙත එම කටයුතු වෙත කොන්ත්‍රාත් කිරීම හා එම සංවර්ධන හා නඩත්තු කටයුතු නිසියාකාරව නිරීක්ෂණය නොකිරීම මීට මූලික හේතු බවට අපි විශ්වාස කරමු. මීට කදිම නිදසුනක් B240 කෝට්ටේ - බෝපේ මාර්ගයේ සිදුව තිබේ (GPS location 6.8437725, 80.0736644).

1. මාර්ගයේ සංවර්ධන කටයුත්තක් නිසා මාර්ගයේ යම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව මීටර් 200 ක දුරක සිට බාධකයට පෙර තුන් වරක් රියදුරන් දැනුවත් කල යුතුය. ඒ සඳහා අවදානම් පටි ප්‍රමාණවත් නොවන අතර, වර්ග අඩි 9 ක් ඉක්මවන අවදානම් පිළිබඳව සඳහන් කරනා පරාවර්තනය වන පුවරු එලෙස ප්‍රදර්ශනය කල යුතුය. එම බාධකය ඇති ස්ථානයේ එක් දිශාවකට නිවි නිවි දැල්වෙන පහන් දෙකක්වත් තිබිය යුතුයි. මෙය රටේ සම්මත නීතියක් විය යුතු බවට අපි යෝජනා කරමු.

2. 2018.06.25 දින පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි කෙරූ නාරාහේන්පිට රිය අනතුරේ දර්ශන හා ඒ පිළිබඳව අප කෙරූ නිරීක්ෂණය ඔබේ අවධානය වෙත අපි යොමු කරමු. එය වැඩි දියුණු කල දර්ශන වුවද මාර්ග පනින පුද්ගලයා පෙනීම එහිදීද ඉතාමත් දුෂ්කර විය.

2.1. පදික මාරුවට පෙර අවදානම් කලාපය මංතීරු බෙදීමේ රේඛාව මගින් සඳහන් කර නොමැත (RM-43).

2.2. ප්‍රමාණවත් ආලෝකයක් එම පදික මාරුව අසල නොමැත.

2.3. 2015.11.12 වනදා අංක 1940/21 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් RM-36 දරණ පදික මාරුව පිළිබඳව දැනුවත් කිරීමේ කොටුව තිබුණ ද එය දුටු පමණින් එයට ඇස ගැටෙන සලකුණක් නොවේ, ඉන් පදික මාරුවක් වැනි වැදගත් දෙයක් හැඟෙන්නේ ද නැත. තවද, යම් සලකුණක් එක් වරක් නොව තුන් වරක් දැනුවත් කල යුතුයි. මිනිස් ස්වභාවය හා මාර්ග ස්වභාවය අනුව වේග සීමා ඇතුළු සියලුම පුවරු/සලකුණු තෙවතාවක් දැනුම් දිය යුතුය.

2.4. සමාජ ජාල තුල අප වෙත ලැබුණු තොරතුරු අනුව එම ස්ථානයේ මීට පෙරද අනතුරු සිදුව තිබේ.

3. අංක 1940/21 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් RM-36 වැනි මාර්ග සංඥා පිළිබඳව ජනතාව නිසියාකාරව දැනුවත් වී නොමැත.

4. මා ගමන් ගන්නා පාර්ලිමේන්තුව අසලින් යන (1) ජපන් මිත්‍රත්ව මාර්ගයේ දී ද, (2) ඇස් වාට්ටුව - මරදාන මාර්ගයෙ දී ද, පදික මාරුවට පෙර අවදානම් කලාපය මංතීරු බෙදීමේ රේඛාව මගින් සඳහන් කර නොමැත (RM-43).

5. මෙවන් තත්ත්වයන් ඇතිවීම වලකාලීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් අපි ඉල්ලා සිටිමු.

මෙයට,
චිරන්ත අමරසිංහ, සභාපති

පිටපත් :- සභාපති - මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, පොලිස්පති - ශ්‍රී ලංකා පොලිසිය, සියලුම මාධ්‍ය ආයතන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවිධිමත් මාර්ග සංවර්ධනයෙන් ජීවිත බිලිගනී - පාර මැද අධිබලැති විදුලි කණු
අවිධිමත් මාර්ග සංවර්ධනයෙන් ජීවිත බිලිගනී - පාර මැද අධිබලැති විදුලි කණු
http://am.lk/media/k2/items/cache/1636ddd7f67fc67f98a661a32705d4ae_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy