මීට අමතරව දෙවැනි තරගයේදී ආබාධයකට ලක් වූ නුවන් ප්‍රදීප් ප්‍රනාන්දුට ද තෙවැනි තරගයේ අවස්ථාව අහිමි වී තිබෙනවා. කණ්ඩායමේ කළමානකරු අසංක ගු...
මීට අමතරව දෙවැනි තරගයේදී ආබාධයකට ලක් වූ නුවන් ප්‍රදීප් ප්‍රනාන්දුට ද තෙවැනි තරගයේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
කණ්ඩායමේ කළමානකරු අසංක ගුරුසිංහ මහතා පවසන්නේ ඔහු දිගින් දිගටම තරග සඳහා සහභාගි වූ බැවින් ඔහුට විවේකයක් ලබාදීම අත්‍යවශ්‍ය බවයි. සාමාන්‍යයෙන් හේරත් තරග තුනකින් සමන්විත තරගාවලියකදී ඕවර් 200 ක් පමණ ක්‍රියාත්මක කරන අතර දැන් එය ඔහුට ඔරොත්තු නොදෙන බවයි ගුරුසිංහ මහතා පෙන්වා දෙන්නේ.
ඔක්තොබර් මාසයේදී පකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු නැවත කණ්ඩායමට එක්වනු ඇත.
COMMENTS