කිළිනොච්චියේ අම්බාල්කුලම් ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් පහර දී මරාදමන ලද දිවියා කැළයෙන් තම ගම්මානයට පැමිණි දිවියෙකු නොව ආරක්ෂක අං...
කිළිනොච්චියේ අම්බාල්කුලම් ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් පහර දී මරාදමන ලද දිවියා කැළයෙන් තම ගම්මානයට පැමිණි දිවියෙකු නොව ආරක්ෂක අංශ විසින් ඇති දැඩි කළ දිවියෙකු බවට සැක කරණ බව අම්බාල්කුලම ගම්මානයේ වැසියෝ කියා සිටිති.
මීට හේතුවක් වශයෙන් ඔවුන් සදහන් කරන්නේ එම දිවියා අම්බාල්කුලම ගම්මානයට කඩා වැදීමට පෙර පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ '' මේ පැත්ත්ට සතෙක් එහෙම ආවේ නැත්දැයි?'' විමසා ඇති නිසා යැයි ගම්වැසියෝ කියා සිටිති.
පැමිණි දෙදෙනා සතා කුමන වර්ගයකට අයත්දැයි නොපැවසූ බවත් ඔවුන් දෙදෙනා ආපසු ගොස් ස්වල්පවේලාවකින් ගමට දිවියෙකු පැමිණි බවත් අම්බාල්කුලම ගම්මානයේ වැසියෝ කියා සිටිති.
ගම්වැසියන් ගේ මේ ප්‍රකාශය පොලීසියද දන්නා බව අම්බාල්කුලම ගම්මානයේ වැසියෝ කියා සිටිති.
(දිනසේන රතුගමගේ)
COMMENTS