මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ETTEය යළි ප්‍රතිසංවිධානය වීමේ ප්‍රබල අවශ්‍යතාවයක් ඇති බවට පැවසූ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ දින වල ඇයට හත...
මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ETTEය යළි ප්‍රතිසංවිධානය වීමේ ප්‍රබල අවශ්‍යතාවයක් ඇති බවට පැවසූ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ දින වල ඇයට හතර වටින් විරෝධය එල්ල වී ඇත.
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යන බරපතළ වරදවල් සිදු කර ඇති බැවින් ඇයට තවදුරටත් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිදු අයිතියක් නොමැති බව විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
ඊයේ (03) පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම දිවුරුම් දෙනවා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න, ඒකීයභාවය රකින්න හා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය නොකර සිටින්න. විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය රාජ්‍ය අමාත්‍ය ධුරයක් ද දරනවා. ඇය අමාත්‍යවරුන් දෙදෙනෙක් ද අසුන් ගෙන සිටි වේදිකාවක ‘එල්.ටී.ටී.ඊය නැවත ගොඩනඟන්න ඕනෙ’ කියා කීමෙන් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් සහ මේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝණය කිරීමක් සිදුකර තිබෙනවා. ඒ නිසා ඇයට තවදුරටත් අයිතියක් නැහැ මේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට. මේ ගරු සභාව තුළ ඉඳගෙන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට කිසිසේත්ම ඉඩ දෙන්න බැහැ’ ඇතැම් අය කියනවා ‘එයා මේක හිතේ අමාරුවට කීවා’ කියා. ඇයගේ හිතේ අමාරුවට වෙනත් දෙයක් කර ගන්න කියන්න. මෙහිදී නිහඩව සිටීමට මේ මව් පොළවට ආදරය කරන කිසිවකුටත් බැහැ.”
මහජන නියෝජිතවරියක් විදියට බෙදුම්වාදය ආවඩන ප්‍රකාශයක් කිරීමට විජයකලා මහේෂ්වරන් මහත්මියට කිසිදු අයිතියක් නැති බවත් ඇයගේ මේ ප්‍රකාශය ගැන මුළු මහත් සමාජයෙන් සමාව ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
හේරත් මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (3) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.
විජිත හේරත් මහතා එහිදී මෙසේද පැවසීය.
“විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකිනවා. මෙය බරපතල ප්‍රකාශයක් මහජන නියෝජිතවරියක් විදියට ඇයට එහෙම කතා කරන්න අයිතියක් නැහැ. රට බෙදීමට සහය නොදෙන බවට සියලුම මන්ත්‍රීවරුන් ප්‍රතිඥාවක් දෙනවා. ඇය ඒ ප්‍රතිඥාව කඩ කළා. මහේෂ්වරන් මහත්මිය ඒ ප්‍රකාශය ගැන ජාතියෙන් සමාව ගත යුතුයි. ඇය ගැන වහා පරීක්ෂණයක් කරලා පියවරක් ගත යුතුයි. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැඳවා වහාම පියවරක් ගන්න. එහෙම නොකළහොත් නරක පුර්වාදර්ශයක් ඇතිවේවි. මෙවැනි ප්‍රකාශ තවත් අයගෙන් ප්‍රකාශ වුණා. අද රට ආරාජික වෙලා තැන් තැන්වල මීනීමරනවා බැංකු කඩනවා. එල්ටීටීඊය මානව හිමිකම් ආරක්ෂා කළේ නැහැ එල්ටීටීඊය කරපු කෘෘරකම් අප දැක්කා. දරුවන්ට වෙන හිරිහැරත් දැක්කා. එල්ටීටීඊයෙන් දරුවන්ට රැකවරණය ලැබුණේ නැහැ. ඇය මේ ප්‍රකාශය කළේ ජනපති ජංගම සේවයකදීය. තවත් ඇමැතිවරු දෙදෙනකු එතැන හිටියා. මේ ගැන ආණ්ඩුවේ ස්ථාවරයත් කිව යුතුයි. ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.”
එමෙන්ම ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජකලා මහේෂ්වරන් මහත්මිය එල් .ටී. ටී.ඊ පාලනයක් අවශ්‍ය බවට යාපනයෙදි කල ප්‍රකාශ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය වගකිව යුතු බව එකාබද්ධ විපක්ෂය පවසයි.
ඊයේ (03) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එ්කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරිය එම ප්‍රකාශය සිදු කල අවස්ථාවේ රජයේ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් එම පරිශ්‍රයේ සිටි බැවින් එම ප්‍රකාශය වත්මන් ආණ්ඩුවේ අනාගත බලාපොරෝත්තුව බවද මන්ත්‍රිවරයා මෙහිදි පැවසීය.
මාධ්‍ය හමුවට පැමිණි සිටි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහචාර්ය ජි. එල්.පිරීස් මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය.
විදෙස් රටවල පවා එල් .ටී. ටී.ඊ සංවිධානයට පක්ෂපාතිව ක්‍රියා කිරීම සහ ප්‍රකාශ කිරීම තහනම් කර නීති පනවා ඇති අවස්ථාවකදි වත්මන් ආණ්ඩුව අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මුනිවත රකින බව මහාචාර්යවරයා පැවසුවේය.
COMMENTS