මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ කතාව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිර්මාණය කොට ඇති අසත්...
මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ කතාව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිර්මාණය කොට ඇති අසත්‍ය ප්‍රවෘත්තියක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.
පසුගිය දිනෙක දෙමළ පුවත්පත් කර්තෘවරුන් පිරිසක් හමුවූ අවස්ථාවකදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.
මෙහිදී එක් කර්තෘවරයෙක් අගමැතිවරයාගෙන් මේ බව විමසද්දී අගමැතිවරයා පෙරළා ප්‍රශ්න කොට ඇත්තේ එම ජාතික ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ මුදල් ඇමැතිවරයා කවුරුන්ද කියාය.
එවිට කර්තෘවරයා පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා බවය.
එවිට අගමැතිවරයා විමසා ඇත්තේ එසේනම් ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා කවුරුන්ද කියාය.
එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා බව දමිළ කර්තෘවරයා පවසා තිබේ.
ඊට මහ හයියෙන් සිනාසෙමින් පිළිතුරු දී ඇති අගමැතිවරයා, ‘ඒකනේ… අර දෙන්නම ඉන්නවා.. මම නෑ…. ඔය කතාව රනිල්ගේ අතේ රෝලක්… එය තමයි ඔය කතාව හැමතැනම පතුරුවන්නේ… රනිලුයි මමයි එදා ඉදන් යාලුවෝ තමයි… හැබැයි අපිට එකට ආණ්ඩු කරන්න බෑ…’ යනුවෙන් ප්‍රකාශ කොට ඇත.
පසුගිය දිනෙක දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය කටකතාවලින් කියවුණේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට යෝජනා කොට ඇති බවත්, පොහොට්ටුවේ ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 5 දෙනකු ඉවත් වී එජාපයේ 5 දෙනකු පාර්ලිමේන්තුවට ගෙන ඒමට යෝජනා කොට ඇති බවත්ය.
COMMENTS