දිනපතා නඩු අහන ත්‍රිපුද්ගල විශේෂ අධිකරණයක් ලබන මස 15 වනදා ආරම්භ වන බවත් එහිදී දිනපතා නඩු අහන බවත් දැනට ඇප මත සිටින පුද්ගලයා සිරගත කළ හැකි ...
දිනපතා නඩු අහන ත්‍රිපුද්ගල විශේෂ අධිකරණයක් ලබන මස 15 වනදා ආරම්භ වන බවත් එහිදී දිනපතා නඩු අහන බවත් දැනට ඇප මත සිටින පුද්ගලයා සිරගත කළ හැකි බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරණාගම මහතා පවසයි.
ඒ අනුව තමන්ට හිරේ දැමිය යුතු දේශපාලන විරුද්ධවාදීන් හිරේ දැමිය හැකි බවත් ඉන්පසු ජනාධිපතිවරණයට තරග කිරීමට සිටින පුද්ගලයින් හිරේ දැමීමට හැකියාවක් ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයේදී ජනතාව පෙලගැස්වීමට කතාකිරීමට සිටින කතිකයින් හිරේ දමන බවත් එම ක්‍රියාමාර්ගය ගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ සූදානමක් පවතින බවත් ඔහු අවධාරණය කළේය.
තරඟ කිරීමට තිබෙන දේශපාලන භූමිය සම්පූර්ණයෙන්ම හිස් කර ගන්නා බවද කල්‍යානන්ද තිරණාගම මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS