දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ක්‍රිකට් සභාපති එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව හිටපු ටෙස්...
දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ක්‍රිකට් සභාපති එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඉදිරියේ දී පැවැත් වෙන තරග ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ක්‍රිකට් පරිපාලනයට සුදුසු පුද්ගලයින් පත් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.
අද (15) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සභාගි වී පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
විශේෂයෙන්ම වර්තමාන කාලය ක්‍රිකට් ක්‍රීඩාවේ නරකම කාලය වන බවත් වැරදි පුද්ගලයෝ ක්‍රිකට් පරිපාලනය කරන විට රටේ ක්‍රිකට් මේ තත්ත්වයට පත්වන බව තමා වසර 2ක් පුරා පැවසු බවත් අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය.
එහෙත් කිසිසේත් මෙම තරග පරාජයට ක්‍රීඩකයින්ට විතරක් දොස් නැගිය නොහැකි බවත් වර්තමානයේ ලාංකීය ක්‍රීඩකයෝ මානසිකව ඇඳ වැටී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එනිසා පවතින තත්ත්වය හමුවේ ලාංකීය ක්‍රීඩකයින්ගේ මනස සෑදිය යුතු බවත් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු නිවැරදිද යන්න පිළිබඳ අවධාණය යොමු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
ක්‍රිකට් සංස්කෘතිය ඉගැන්විය යුතුව පවතින බවත් අද වෙනකොට එවැනි කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බවත් ඔහු පැවසීය.
COMMENTS