බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගය අතර පිහිටි වියානා ඇල මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කල ආරක්ෂිත වැටෙහි ...
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගය අතර පිහිටි වියානා ඇල මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කල ආරක්ෂිත වැටෙහි ඉදිකිරිමේ අවශ්‍ය 4.5ක ඝණකමින් යුත් තහඩු මෙරට නොමැති වීම හේතුවෙන් එහි කටයුතු අතරමඟ නවතා ඇති බවට වාර්තා වේ.
මාර්ගය භාවිත කරනු ලබන රියදුරන් ප්‍රකාශ කරන්නේ කඩිනමින් මෙහි වැඩ නිමකර තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසය.
වියානා ඇල මාර්ගයට සමාන්තරව දිවෙන කිලෝමීටර් අටක් පමණ වන මාර්ග කොටස තුල ගමන් ගන්නා රථ වාහන ඇල මාර්ගයට පෙරලි සිදු වු අනතරු රැසක් පසුගිය කාලයේ වාර්තා විය.
මාර්ගයේ ක්‍රියාත්මක කර තිබු ආරක්ෂිත වැටේ ඉදිකිරීම් හා අනතුරුදායක සංඥා සවි කිරීම අතරමග නවතා දැමුවේ එම වැට ඉදිකිරිම සදහා අවශ්‍ය 4.5ක ඝණකමින් යුත් තහඩු මෙරට නොමැති වීම බව මහියංගණ ප්‍රාදේශීය විධායක ඉංජිනේරූ ඒ . ලිංගේෂ්වරන් මහතා පැවසී ය.
කෙසේ වෙතත් බදුල්ල - මහියංගණ ප‍්‍රධාන මාර්ගයේ වියානා ඇළට සමාන්තර අනාරක්ෂිත මාපාකඩ ප‍්‍රදේශය සඳහා ආරක්ෂිත වැටක් කඩිනමින් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහතා වෙත මීට පෙර උපදෙස් දී තිබිණි.
බදුල්ල - මහියංගණ මාර්ගයේ වියානා ඇළට සමාන්තරව දිවෙන මාර්ග කොටස කි.මී. 13 ක් වන අතර ඉන් කි.මි 08 ක් මහවැලි අධිකාරියට ද ඉතිරි කි.මි 05 මාර්ග සංවර්ධන අධිකාරියට ද අයත්වේ. මහවැලි අධිකාරියට අයත් කි.මි 08 ක කොටසෙන් කි.මි 05 ක ආරක්ෂිත වැට ඉදිකිරීම් මහවැලි වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ 2017 වසරේ නිම කෙරුණි.
ඉතිරි මාර්ග කොටසේ නිතර රිය අනතුරු සිදුවන බවට වන වාර්තා සැලකිල්ලට ගනිමින් අදාළ ඉදිකිරීම් කඩිනමින් නිම කරන ලෙස ජනපතිවරයා උපදෙස් දී තිබිණි.
COMMENTS