ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුවේ ප්‍රථිපලයක් ලෙස රවී කරුණානායක මහතාට තමන් දැරූ මුදල් අමාත්‍යධූරයෙන් ඉවත් වීමට සිදු විය. එහෙත් බැඳුම්කර ගණුදෙ...
ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුවේ ප්‍රථිපලයක් ලෙස රවී කරුණානායක මහතාට තමන් දැරූ මුදල් අමාත්‍යධූරයෙන් ඉවත් වීමට සිදු විය. එහෙත් බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කර තිබූ විශේෂ ජනාධිපති කොමිසම රවී කරුණානායක මහතාට චෝදනා එල්ල කර නොතිබුණි. ඒ අනුව තමන්ගේ නිර්දෝෂිභාවය ඉන් සනාථ වන බව රවී කරුණානායක මහතා දිගින් දිගටම අවධාරණය කළද ඔහුට අහිමි වූ අමාත්‍යධූරය නැවත හිමි නොවුණි.
අවම වශයෙන් වෙනත් කැබිනට් අමාත්‍යධූරයක් හෝ ලබා දීමට විශේෂයෙන් එජාපය මැදිහත් වනු දක්නට නොලැබුණි. රවී කරුණානායක මහතාට නැවත කැබිනට් අමාත්‍යධූරයක් ලබා දීම ගැන ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විරෝධයක් එල්ල නොවූ නොවූවද එජාපය එය මඟහැර තිබූ බවට මත පළවිය.
අවස්ථා කිහිපයකදී කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන් අතර එකී සෑම අවස්ථාවකම රවී කරුණානායක මහතාටද අමාත්‍යධූරයක් හිමි වන බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වුවද එය එසේ නොවුණි. කෙසේ වෙතත් එජාප අභ්‍යන්තරයේ මේ සම්බන්ධයෙන් විශාල විවේචනයක් පැවතුණි. එජාපය වෙනුවෙන් දර දිය ඇදි රවී කරුණානායක වැන්නෙකුට තවදුරටත් නොසලකා හැර තිබීම විමතිය දනවන්නක් බවයි පක්ෂ සාමාජිකයින් සඳහන් කළේ.
කෙසේ වෙතත් රවී කරුණානායක මහතා සම්බන්ධ මෙම ප්‍රශ්නය පිළිබඳව අගමැතිවරයා, ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමට තීරණය කර තිබූ අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉතාලි සංචාරයට පෙර එම හමුව සිදුව තිබුණි. අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට පෙර අමාත්‍ය ජෝන් අමරතුංග මහතාව මුණ ගැසී තිබුණි.
එහිදී ජෝන් අමරතුංග මහතා අවධාරණයෙන් සඳහන් කර ඇත්තේ රවී කරුණානායක මහතා නොසිටින්නට 2015 ජනවාරි වෙනස සිදු නොවන බවයි. 2015 ජනවාරි 08 යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ ගෞරවය රවී කරුණානායක මහතාට හිමි විය යුතු අතර ඒ පිළිබඳ ආණ්ඩුව කරවන ඇත්තන් දැන සිටිය යුතු බව ජෝන් අමරතුංග මහතා කියා තිබේ.
එහෙයින් තමන් ඒ පිළිබඳව කී බවට ජනාධිපතිවරයාට පවසන්නැයි ජෝන් අමරතුංග මහතා අගමැතිවරයාට පවසා ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මේ සබන්ධයෙන් සාකච්ජා කෙරී ඇති අතර රවී කරුණානායක මහතාට නැවත කැබිනට් අමාත්‍යධූරයක් ලබා දීමට තීන්දු වී තිබේ. හෙට දිනයේදී (17) රවී කරුණානායක මහතා යළි අමාත්‍යධූරයක දිවුරුම් දීමට නියමිතය.
COMMENTS