දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බේරුවලදී හසුවූ විශාලතම හෙරොයින් තොගය පසුපස දේශපාලන හස්තය කාගේද?
Homeගොසිප්

බේරුවලදී හසුවූ විශාලතම හෙරොයින් තොගය පසුපස දේශපාලන හස්තය කාගේද?

PropellerAds

ලං කා ඉතිහාසයේ දෙවැනියට අල්ලා ගත් විශාලම හෙරොයින් තොගය පසුගිය සතියේ බේරුවලදී කොටුවිය. මෙම මෙහෙයුම කාලයක සිට සැලසුම් කර පොලිසිය සිදු කරන ලද්...

අල්ලස් ගත් මධ්‍ය මහා විද්‍යාල විදුහල්පති අත්අඩංගුවට
මහින්දගෙ පස්සෙන් ෆයිල් අරන් යන නංගියාට මොකද වුනේ?
රසයෙන්, සුවදින් සහ මතින් වැඩි කුෂ් ගංජා මුල්වරට ලංකාවේ
ලංකා ඉතිහාසයේ දෙවැනියට අල්ලා ගත් විශාලම හෙරොයින් තොගය පසුගිය සතියේ බේරුවලදී කොටුවිය. මෙම මෙහෙයුම කාලයක සිට සැලසුම් කර පොලිසිය සිදු කරන ලද්දකි.මීට මාස දෙකකට පමණ පෙර
පොලිසියට ලැබුණ බුද්ධි තොරතුරකින් කියැවුනේ පාකිස්තානයේ සිට හෙරොයින් කිලෝ ගණනක් රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් මෙරටට එන්නට නියමිත බවය.
මෙම තොරතුරු ලැබුණේ පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂක කේ.ඒ. ප්‍රේමලාල්ට හා  පොලිස් පරීක්ෂක තාරක සුබෝධ යන නිලධාරීන් දෙදෙනාටය. එ් අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතාගේ මෙහෙයවීමේන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණයෙන් එකාබද්ධ මෙහෙයුම ඇරඹෙන්නේය.

 මේ අනුව හෙරොයින් තොග මිලදී ගන්නා ගනුදෙනුව ගැන සොයා බලන්නට පාකිස්තානය වෙත උපාය දූතයන් පවා පිටත් කර යැවුණේය. මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ මාෆියාවේ මහ මොළකරුවකු වන කිඹුලාඇළේ ගුණා මෙහි පසුපස සිටින බව විමර්ශන නිලධාරින් අනාවරණය කරගත්හ. කිඹුලාඇළේ ගුණා මෙරටින් පැන ගන්නේද පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි සිසිර කුමාර යටතේ ඇරඹි පාතාල මර්දන මෙහෙයුමට බියවීම නිසාය. 1990 පටන් පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ කිඹුලා ඇළේ ගුණා එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සබඳතා පවත්වමින් සිටි ජාවාරම්කරුවෙක්ද වීය.

1999 දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පුරහල අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක් වූ සිද්ධිය සඳහා මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදියා පැමිණ තිබුණේ කිඹුලා ඇළේ ගුණා ගේ තිප්පොළක සිටය. දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවට පැන සිටි කිඹුලා ඇළේ ගුණා 2008 දී තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ චෝදනාවට ය.

මේ වනවිට ඉන්දියාවේ සිට ඩුබායිවලට පැන ගොස් සිටින ගුණා මෙරටට මත්ද්‍රව්‍ය මහ පරිමාණයෙන් එවන මෙහෙයුම්වලට සම්බන්ධ වන්නේ පාතාලයේ ද සහාය ඇතිව ය. මෙරට පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර් වන්නට වෙර දරන මාකදුරේ මධුෂ්ගේ කල්ලිය හා ඔහු එක්වන්නේ ද මෙරටට එවන කුඩු බෙදාහරින ජාලය මධුෂ් සතු නිසාය.පාකිස්තානයේ සිට මෙවර එවන්නට සූදානම් කරන කුඩු තොගය කොටු කරන්නට මේ වනවිටත් එකාබද්ධ බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක වනබව ජාවාරම්කරුවන් නොදැන සිටියහ. විදෙස් බුද්ධි සේවාවල සහායද මේ වනවිටත් බුද්ධි නිලධාරින්ට ලැබී තිබුණේ ය.

හෙරොයින් තොගය බේරුවල ආශ්‍රිත වෙරළ තීරයට ටෝලර් යාත්‍රාවකින් රැගෙනවිත් වෙරළට ගොඩ බෑමේ සැලසුම බුද්ධි මෙහෙයුම ට හෙළි වී තිබ්බේය. ඒ අනුව වහාම නාවික හමුදා සහාය හා වෙරළාරක්ෂක බළකායේ සහාය ද ඉල්ලා සිටියේ මුහුද මැදදීම මෙම කුඩු තොගය කොටුකර ගැනීමට ය. ජාවාරම්කරුවන්ට පැන ගැනීමට නොදී මුහුද මැදදීම කොටුකිරීම ඉලක්කය විය.


නාවික හමුදාව සමග මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට පෙර සිට දින කිහිපයක්ම මත්ද්‍රව්‍ය නාශක නිලධාරින් බේරුවල ආශ්‍රිත වෙරළ තීරයේ ගොඩබිම් මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. මේ ආකාරයට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් නාවික හමුදා සහාය ඇතිව මීට පෙර කළ සාර්ථකම මෙහෙයුම කළේ නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා හට ලද බුද්ධි තොරතුරු ඔස්සේ 2016 අප්‍රේල් මාසයේ දීය. එදා ඉරාන නැවක් සමග කුඩු කිලෝ ග්‍රෑම් 110 ක් හා සැකකරුවන් එකොළොස් දෙනෙකු කොටුකර ගැනීමට හැකිවිය. කුඩු ජාවාරම්වලට සම්බන්ධ ඉරාන හා පාකිස්තාන ජාවාරම්කරුවන් පවා මේ අතරේ සිටීමද විශේෂත්වයක් විය.

මෙවර මෙහෙයුමත් සජිවී ලෙස සැකකරුවන් සමගම කොටුකර ගැනීම ඉලක්කය විය. බේරුවල ප්‍රදේශයේ ට්‍රොලර් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු විසින් ටෝලර් යාත්‍රාව පාකිස්තානය වෙත පිටත් කර ඇති බව ඒවනවිටත් අනාවරණය වී තිබිණ.

විමර්ශන නිලධාරීන් හෙළි කර ගත් තොරතුරුවලට අනුව හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත වූයේ පසුගිය 05 වැනිදාය. එදින රාත්‍රි 8ට පමණ වන විටත් නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් බේරුවල මුහුදේ සිය මෙහෙයුම ආරම්භ කර තිබිණ. බේරුවල ප්‍රදීපාගාරයට ආසන්න මුහුදේ රැඳී සිටි ඔවුන්ට ඉන් කිලෝමීටර් හයක පමණ දුරින් බෝට්ටුවක් නිරීක්ෂණය කළ හැකිවිය. රාත්‍රි 11.30 ට පමණ එම යාත්‍රාව අත්අඩංගුවට ගැනුණු අතර බුද්ධි තොරතුර සනාථ කරමින් හෙරෙයින් සනාථ කරමින් හෙරොයින් තොගයක් ඉන් සොයා ගැනිණි.

යාත්‍රාවේ පුද්ගලයින් දෙදෙනකු සිටි අතර ඔවුන්ද සමග යාත්‍රාව බේරුවල වරාය වෙත ගෙන එනු ලැබිණි. එහිදී කළ පරීක්ෂණයේදී සීනි උරවල බහා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් සහ ග්‍රෑම් 54ක් බර හෙරොයින් පාර්සල් 214ක් සොයා ගත හැකි විය. වර්තමාන වෙළෙඳපොළ අනුව මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙසිය හැත්තෑ හත ඉක්මවන බව විමර්ශන නිලධාරීන්ගේ අදහසය. එසේ නැතිනම් රුපියල් බිලියන දෙකකටත් වැඩිය. හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගනු ලැබුවේ මොහොමඩ් ෆර්ෆාන් නමැති බේරුවල මරදාන පාරේ සහ බේරුවල ගොඩැල්ල අංක 298හි පදිංචි දිලිප් ප්‍රසන්න නමැති දෙදෙනාය. පාකිස්තානයේ සිට හෙරොයින් තොගය රැගෙන ආ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු දිල්ප් ප්‍රසන්න නමැති අයගේ වැඩිමල් සොහොයුරාය. ඔහු දැනට අනතුරුදන්ව ඇතත් ට්‍රෝලර් යාත්‍රාව හා තවත් සැකකරුවන් කිහිප දෙනෙක් සිකුරාදා (07දා) වන විට කොටුකර ගැනීමට හැකිවිය. මීට පෙර මෙරටදී අත්අඩංගුවට ගෙන ඇති වැඩිම හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 261කි. පාකිස්තානයේ සිට ග්‍රීස් ටින්වල අසුරා ගෙන එන ලද මෙම තොගය ඔරුගොඩවත්ත රේගුවේදී අත්අඩංගුවට ගනු ලැබුවේ 2013 වසරේ අගොස්තු 30දිනය. නමුත් මෙවර මෙන් එහිදී කිසිදු සැකකරුවකු හසුකර ගැනීමට හැකිවූයේ නැත.

මෙවර අත්අඩංගුවට ගත් සැකකරුවන් පසු පස දේශපාලන හස්තයක් ඇතැයි වාර්තා පළව ඇති අතර පරීක්ෂණ අනුව ඉදිරියේදී තවත් දේ අනාවරණය වනු ඇත.

කේඩී ජයරත්න




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බේරුවලදී හසුවූ විශාලතම හෙරොයින් තොගය පසුපස දේශපාලන හස්තය කාගේද?
බේරුවලදී හසුවූ විශාලතම හෙරොයින් තොගය පසුපස දේශපාලන හස්තය කාගේද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnGhkoDq05is2HKZSHdZYSqB7rRUekxwINsmm1W4_0quAXVvtoiRbECnm56JtOQEta8lGYoE0oRk8eFQYiKynU1UG8Eagj8t_8Z5fbN7FUQYqrWfo1sG94gRrd8k4fM9AWVU-ed_GGTc0/s1600/collage.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnGhkoDq05is2HKZSHdZYSqB7rRUekxwINsmm1W4_0quAXVvtoiRbECnm56JtOQEta8lGYoE0oRk8eFQYiKynU1UG8Eagj8t_8Z5fbN7FUQYqrWfo1sG94gRrd8k4fM9AWVU-ed_GGTc0/s72-c/collage.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_766.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_766.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy