මන්නාරම සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩිදුරටත් සිදුකළ කැණීම් වලදී පෙරේදා (25) සවස් වන විටදී මිනිස් හිස්කබල් 53 කට අයත් අස්ථි කොටස් ප‍්...
මන්නාරම සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩිදුරටත් සිදුකළ කැණීම් වලදී පෙරේදා (25) සවස් වන විටදී මිනිස් හිස්කබල් 53 කට අයත් අස්ථි කොටස් ප‍්‍රමාණයක් සොයාගත් බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
මන්නාරම මහෙස්ත‍්‍රාත් ටී.ජී.ප‍්‍රභාකරන් මහතාගේ අධීක්ෂණය යටතේ සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේදී මෙලෙස කැණීම් සිදුකරනු ලැබීය.
සමූහ මිණි වලෙන් මතු වූ මිනිස් සිරුරු එක ලග තැන්පත කොට ඇති අයුරු පෙනෙන සිරුරු කොටස් මතුව ඇති අතරම සිරුරු 53න් මේ වන විට සිරුරු 34ක් කැනීම් කොට ඉවත් කල ඇති අතර ඉවත් කරන ලද සිරුරු කොටස් මුද්‍ර තබා මන්නාරම් අධිකරණයේ තැන්පත් කොට ඇති බවටද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
මෙතෙක් කැනීම් සිදු කරන ලද ස්ථානයට එපිටින් වූ අනෙකුත් ස්ථාන වල කැනීම් කටයුතුද දෙවන අදියර යටතේ ආරම්භ කොට ඇති අතර පසුගිය මාර්තු 25 වැනි දා කොන්ත‍්‍රාත්කරුවන් පිරිසක් මන්නාරම නගරයේ පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දමා එහි නව ගොඩනැගිල්ලට අත්තිවාරම් කපමින් සිටියදී පස් සමඟ මිනිස් අස්ථි කොටස් මතුවීමත් සමග මෙම කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
අත්තිවාරම කපන විට එහි තිබූ පස් ඉවත් කිරීම සඳහා මන්නාරම එමිල්නගර් හි පදිංචි වැසියකු තම නිවස වෙත ටිපර් රථ යොදාගෙන ගෙන පස් රැගෙන ගොස් තිබු අතර එහි තිබූ අස්ථි කොටස් දැක මන්නාරම පොලිසිය වෙත කළ දැනුම් දීමක් අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.
පුරා විද්‍යා නිලධාරී, රජයේ රසපරික්ෂක නිලධාරීන් , අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයන් යටතේ පුරා දින 40 ක කාලයක් මේ වන විට කැනීම් සිදු කොට ඇති අතරම මන්නාරම් මහේස්ත්‍රාත් වරයාගේ නියෝගයෙන් පුරා විද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද්‍ර රාජපක්ෂ, මෙන්ම මන්නාරම් පොලිස් නිලධාරීන් , අධිකරණ වෛද්‍ය නිලධාරීන් රජයේ රස පරික්ෂක නිලධාරීන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කැනීම සිදු කරනු ලබයි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS