දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කතරගම නගර සංවර්ධනයට රුපියල් ලක්‍ෂ 5000 ක්.
Homeගොසිප්

කතරගම නගර සංවර්ධනයට රුපියල් ලක්‍ෂ 5000 ක්.

PropellerAds

කතරගම නගර සංවර්ධනයට රුපියල් ලක්‍ෂ 5000 ක් ලබා දෙන බව  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පවසයි. ඒ මහතා මෙම අද...

හිටපු මහබැංකු අධිපතිට නිල් වරෙන්තුවක්.
නඩත්තුවක් ඉල්ලා නදී උසාවි යයි.
රනිල්ට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ කොන්දේසි දායි.

කතරගම නගර සංවර්ධනයට රුපියල් ලක්‍ෂ 5000 ක් ලබා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ, ඓතිහාසික සෙල්ලකතරගම භූමියට දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ඉදිකෙරෙන විවේකී උද්‍යානයේ අවසන් අදියරේ වැඩකටයුතු නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමිනි. කතරගම නගර සංවර්ධනය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 50 ක වියදමින් මෙම විවේකී උද්‍යානය ඉදිකරනු ලබයි. මෙම අවස්ථාවට අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂක ජනරාල් සුමේධ රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, කතරගම හා ඒ අවට ප‍්‍රදේශයට ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි විශාල සංවර්ධනයක් අපි ගෙනවිත් තිබෙනවා. විශේෂයෙන්ම මේ තැන තැන තිබූ කඩසාප්පු එක ප‍්‍රධාන මධ්‍යස්ථානයකට අරගෙන කඩ 300 කට අධික ප‍්‍රමාණයක් ඉදිකරන්න අද නාගරික සංවර්ධන අධිකාරිය ක‍්‍රියාකරගෙන යනවා. ඒ වගේම අපි ඉදිරි කාලයේදී කතරගම - සෙල්ලකතරගම යන ස්ථාන දෙකේම භූ දර්ශනය විධිමත් කරලා සංවර්ධනය ඉදිරියට ගෙන යමින් සිටිනවා. වැඩහිටිකන්ද ප‍්‍රදේශයත්, වැව ප‍්‍රදේශයත් භූ දර්ශන කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ලබන වසර වන විට කතරගම ප‍්‍රදේශයේ වසර ගණනක් තිබූ ගැටළු විසඳෙනවා.

ඒ අතරේ විවිධ ගැටළු, දේශපාලනමය වශයෙන් කඩ අහිමිවෙච්ච අය, නැතිනම් වෙනත් ආකාරයට ප‍්‍රශ්න මතුවෙලා තිබෙන අයගේ ප‍්‍රශ්න කිසිම දේශපාලන භේදයකින් තොරව විසඳන්න අපි කටයුතු කරනවා. අපිට කිසිම පක්ෂ බේදයක්, ජාති, ආගම්, කුල භේද නැහැ. විශේෂයෙන්ම මේවයේ වෙළඳාම් කරන්නේ විශාල ධනයක් හිමි අය නෙමෙයි. මේ ප‍්‍රදේශ ඉතාමත්ම අවවරප‍්‍රසාදිත ප‍්‍රදේශ. එහ ජනතාවට මෙහෙවර කිරීම සඳහා කිසිම දේශපාලන බේදයකින් තොරව, අයුක්තියට යම් පිරිසක් ලක්වෙලා සිටිනවාද එම පිරිස් යුක්තිය ගෙනඒමේ වැඩසටහනකට ගෙන එමින් පක්ෂ බේදයෙන් තොරව කටයුතු කරන්න අපි කැපවෙනවා.

එහි සංඛේතයක් තමයි ප‍්‍රාදේශීය සභාවේ සභාපතිතුමත්, විපක්ෂ නායකතුමත් දෙන්නම අද මේ වැඩපිළිවෙල ඉදිරිය ගෙන යන්න අපිත් සමග අත්වැල් බැඳගෙන සිටිනවා. කතරගම සම්ප‍්‍රදායක භුමියේ  ඕන තැනක මඩු හදාගෙන කඩ කරන්න අයිතිය තිබෙනවා. ඒ ආකාරයට අපට කටයුතු කරන්න අයිතිය තිබෙනවා කියා. නමුත් සමාජය දියුණු වෙමින් ඉදිරියට යනවිට අපේ පුද භූමිය, සම්ප‍්‍රදාය කියන්නේ පරණ පුරුදු අරගෙන එන එක නෙමෙයි. සම්ප‍්‍රදාය ආරක්‍ෂා කර ගන්නා ගමන් විධිමත් භාවයත් අපි ඇතිකර ගත යුතුයි.

එනිසා ඉදිරි කාලයේදී අපි නාගරික සංවර්ධන අධිකාරියෙන් මෙම ප‍්‍රදේශයේ තිබෙන වැසිකිලි කැසිකිලි ගැටළු විසඳීමට ලබන වසර වන විට අපි කටයුතු කරන බව මෙම අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. මෙය දැන් දියුණු රටක්, මේ දියුණු රටට අවශ්‍ය විදිහට අපි කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ හුඟ දෙනෙක් දුප්පත්කම ගැන කතා කරද්දි උතුර, නැගෙනහිර වතුකරය වගේ ප‍්‍රදේශ වෙත අවධානය යොමු කරනවා. නමුත් 2012 සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට දුගී වැසියන් වැඩිම ප‍්‍රමාණයක් ජීවත්වන ප‍්‍රදේශය මොණරාගල දිස්ත‍්‍රික්කය. දුගීකමේ දර්ශකය ගත්තහම දවසකට එදිනෙදා ජීවිතය ගෙනයන්න අවශ්‍ය කරන අවම කැලරි ප‍්‍රමාණය නොලැබෙන ජනතාව 6% ක් පමණ ඉන්නවා. මොණරාගල එම ප‍්‍රතිශතය 15% ක්. මෙරට තිබෙන වැඩිම ප‍්‍රතිශතය 1/5ක්. ඒ කියන්නේ මූලික පෝෂණය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දිස්ත‍්‍රික්කය අපි විශේෂ අවධානයකින් යුතුව ගොඩනැගිය යුතුයි. මම පරිසර ඇමතිව සිටි කාලයේදී මෙහි පරිසර පද්ධතිය රැුක ගන්න අපි ඉතා දැඩිව කි‍්‍රයා කළා. විදුලිබල ඇමති හැටියට මොණරාගල, හම්බන්තොට දිස්ත‍්‍රික්කවල හැම ගමකටම විදුලි දීලා තිබෙනවා. මම ඇමති විදිහට එනවිට මොණරාගලට විදුලිය තිබුණේ නැහැ. මොකද මේ ඓතිහාසික වෙල්ලස්සට ඉතිහාසයේ ඉඳන් ඇතිවූ ඓතිහාසික වරද අපි නිවැරදි කළ යුතුයි. සුගලාදේවියගේ සිට ඇතිකල ඓතිහාසික උරුමය අපි ඉදිරියට ගෙනයා යුතුයි. ඒ වගේම මේ කතරගම කියන්නේ ඉතිහාසයේ ඉතාමත්ම ඈත කාලයේ සිට, දුටු ගැමුණු රජතුමාගේ කාලයේ සිට ප‍්‍රචලිත ප‍්‍රදේශයක්. ඒ නිසා මම හිතන්නේ රජය විසින් අලූතෙන් ඇතිකරන ගම්පෙරළිය වැඩසටහන යටතේ මෙරට දුප්පත්ම, නොසලකා හැර තිබෙනම මේ මොණරාගල දිස්ත‍්‍රික්කය කෙරෙහි අවධානය යොමු කර ගමේ වැව, පාර, වාරිමාර්ගය අපේ සාමාන්‍ය ජනතාවට ගැලපෙන ආකාරයට ගොඩනැගීම අත්‍යාවශ්‍යයි. මේ මැණික් ගඟ ඉතාම වටිනා ගඟක්, එය ඉතාම පිරිසිදුව පවත්වා ගන්න අපි හැමෝගෙම කැපවීම අවශ්‍යයි. මොකද දස දහස් ගණනක් මෙතනට එනවා. අපි ඉතා සතුටු වෙනවා ලක්‍ෂ 5000 කට අධික ප‍්‍රමාණයක් මේ කතරගම ප‍්‍රදේශයේ සංවර්ධනයට අපි යොමුකර තිබෙනවා යැයි පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කතරගම නගර සංවර්ධනයට රුපියල් ලක්‍ෂ 5000 ක්.
කතරගම නගර සංවර්ධනයට රුපියල් ලක්‍ෂ 5000 ක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjn6Be-EXoXamjk6c5lh1v6FULrWoEirsD7WcC8FC9gQhWLL5_NJ08NQ62PwVObUmklPTUniA0nwItSukdANRTSbdnr9DjkkuqWSo0Y8SXYK-GYVmJU-nmRZi9ZB6KHA-sbq4rb09mvi-MO/s1600/01.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjn6Be-EXoXamjk6c5lh1v6FULrWoEirsD7WcC8FC9gQhWLL5_NJ08NQ62PwVObUmklPTUniA0nwItSukdANRTSbdnr9DjkkuqWSo0Y8SXYK-GYVmJU-nmRZi9ZB6KHA-sbq4rb09mvi-MO/s72-c/01.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/5000_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/5000_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy