දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නඩත්තුවක් ඉල්ලා නදී උසාවි යයි.
Homeගොසිප්

නඩත්තුවක් ඉල්ලා නදී උසාවි යයි.

PropellerAds

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නදීකා චන්ද්‍රසේකර මහත්මිය කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් වන්දි මුදල් ඉල්ලා කඩුවෙල අධිකරණය හමුවේ පවරා තිබූ නඩත්තු නඩුව...

සයිටම් නිසා අද 3 උදේ වරුවම බස්නාහිර රෝහල් වැඩ නවතී
වෙඩිතැබීම ගැන මං හාංකවිසියක් දන්නැහැ විභාගෙ 9 පාරක් පේල් කතා බොරු -සමීර සේනාරත්න
ඉන්දියාවේ පිස්සු බල්ලන් පාලනයට ලංකාවෙන් සහාය ඉල්ලලා

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නදීකා චන්ද්‍රසේකර මහත්මිය කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් වන්දි මුදල් ඉල්ලා කඩුවෙල අධිකරණය හමුවේ පවරා තිබූ නඩත්තු නඩුවක්‌ විභාගයට ගත් මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා වැඩිදුර විභාගය ලබන අප්‍රේල් 05 දිනට කල් තබමින් දෙපාර්ශ්වයටම එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

මෙම පෙත්සමට අදාළව වග උත්තරකරු වශයෙන් නම්කර සිටින පානදුර ප්‍රදේශයේ පදිංචි යසන්ත සමරවීර නමැති අයකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී පැමිණිලිකාර ටෙලිනාට්‍ය රංගන ශිල්පිනිය ඔහුගේ දේශීය හා විදේශීය ව්‍යාපාර ඇතුළු දේපළ වත්කම් සනාථ කළ හැකි ලේඛන පිටපත් ගණනාවක්‌ සිය නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයට බාර දුන්හ.

මෙහිදී ඇය අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ තමා දිර්ඝ කාලයක්‌ තිස්‌සේම 'රයිගම්' හා 'සුමති' ඇතුළු කලා සංවිධාන කිහිපයකදීම හොඳම ටෙලි නාට්‍ය ශිල්පිනිය වශයෙන් උපහාර සම්මාන හිමිකර ගෙන ඇති බවයි.

වගඋත්තරකරු දැනට තමාගෙන් වෙන් වී වෙනත් කාන්තාවක්‌ සමඟ විවාහ වී සිටින බවත්, කලකට පෙර තමා චිත්‍රපටවල රඟපෑමට විරුද්ධව ඔහු විවිධ බලපෑම් බාධා කිරීම් සිදු කිරිම නිසා තමාගේ වෘත්තීය කටයුතු අඩාල වී සැඟවුණු හුදකලා ජීවිතයක්‌ ගත කිරිමට සිදු වූ බවත් මේ නිසා තමා අන්ත අසරණ තත්ත්වයට මුහුණ පා සිටින බවත් ඇය වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් පැවසුවාය.

තවද වගඋත්තරකරු සතුව දේශීය මෙන්ම විදේශීය ව්‍යාපාර ගණනාවක්‌ පවත්වාගෙන යන බවත් පැවසූ ඇය ඒ අතර තමාගේ නමින් කරගෙන යන වෙළෙඳ ආයතනයක්‌ ද තිබෙන බවත් හෙළි කළාය. නිතර නිතර විදේශ සංචාරවල යෙදෙන වගඋත්තරකරු මාසිකව විශාල ආදායමක්‌ ලබන කෝටිපති ව්‍යාපාරිකයකු බව ද පැවසූ පැමිණිලිකාරිය ඔහුගෙන් නඩත්තු මුදලක්‌ ලබා දෙන ලෙසට අධිකරණයෙන් අයැද සිටියාය.

වගඋත්තරකරු විසින් පවත්වාගෙන යන ඉහත කී ව්‍යාපාර ගණනාවකට අදාළව හිමිකම් සනාථ කිරීමේ ලේඛන පිටපත් පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ රුචිර රන්දෙනි මහතා සමඟ නීතිඥ දසුන් නාගසේන මහතා අධිකරණය හමුවේ කරුණු දැක්‌වූ අතර වගඋත්තකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ අසාත් නානායක්‌කාර මහතා පෙනී සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නඩත්තුවක් ඉල්ලා නදී උසාවි යයි.
නඩත්තුවක් ඉල්ලා නදී උසාවි යයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnmSFcIX8jg4v4XJMCvfQ_WEVVD_xHvGgkVavx-XIJXGUKUpdS3iXuCIsVPOokVHSPVM0-8pE6AS5DvSRFaUMvr650tF8R2KO9Vrp3W4cP2ZT61pYkA_8JwNBV1p2tOyCuUqcWJqlO_yc/s1600/Nadee+Chandrasekar.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnmSFcIX8jg4v4XJMCvfQ_WEVVD_xHvGgkVavx-XIJXGUKUpdS3iXuCIsVPOokVHSPVM0-8pE6AS5DvSRFaUMvr650tF8R2KO9Vrp3W4cP2ZT61pYkA_8JwNBV1p2tOyCuUqcWJqlO_yc/s72-c/Nadee+Chandrasekar.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_71.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_71.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy