බලංගොඩ සමනලවත්ත හුණුවලකන්ද නමැති ඝන කැලෑ ප්‍රදේශයේදී අතුරුදහන්ව ඇති බව පැවසෙන දස හැවිරිදි පිරිමි දරුවකු සොයා යුද හමුදාවේ සහ පොලිසීයේ සහාය ...
බලංගොඩ සමනලවත්ත හුණුවලකන්ද නමැති ඝන කැලෑ ප්‍රදේශයේදී අතුරුදහන්ව ඇති බව පැවසෙන දස හැවිරිදි පිරිමි දරුවකු සොයා යුද හමුදාවේ සහ පොලිසීයේ සහාය ඇතිව සෝදිසි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මකයි.
දරුවා ගොස් ඇතැයි පැවසෙන අදාළ ඝන කැලෑ ප්‍රදේශයේ දිවි රංචු වාසය කරන බව ගම්වාසීන් පවසයි.
බලංගොඩ සමනලවත්ත විද්‍යාලයේ ඉගෙනුම ලබන දස හැවිරිදි සහන් කුමාර මෙවර ශිෂ්‍යයත්ව විභාගය සඳහා පෙනීසිටීමට නියමිත සිසුවෙකි.
පසුගිය සිකුරාදා පාසල නිමවී නිවසට පැමිණි සහන්, දර කැඩිම සඳහා හුනුවලකන්ද වන ප්‍රදේශයට ගිය සිය පියා සොයා එම වනයට පිටත්ව ගොස් තිබේ.
අනතුරුව නිවැසියන් ගම්වාසීන් ද සමඟ එක්ව සහන් සෙවීමේ නිරතව ඇති අතර ඔහු මිතුරන් දියනාමින් සිටි ස්ථානයකටද එදින සවස ගොස් ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් සහන් ගැන තොරතුරක් නොමැති වීම නිසා ඔහුගේ පියා ඒ පිළිබඳව බලංගොඩ පොලිසීයට පැමිණිල්ලක් සිදු කරන අතර ඒ අනුව පොලිසිය සහ යුද හමුදාවේ සෙබළුන් 54 දෙනකුගේ සහායෙන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර ඊට පොලිස් නිල සුනඛ සහයද ලබා ගැනුණි.
කෙසේ වෙතත් අද දිනයේත් දරුවා පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට නොහැකිවූ අතර ගම්මානයට යාබද වනයේ එක් ස්ථානයක තිබි දිවියෙකු විසින් මරා දමා තිබු ගෝනෙකුගේ සිරුරු කොටස් හමුවී තිබුණි.
මෙවන් පසුබිමක බලංගොඩ සමනලවත්ත ආශ්‍රිතව සැරිසරන දිවියන් රංචුවෙන් දරුවාට අනතුරක් සිදු වී ඇත්දැයි ප්‍රදේශවාසීන් සැකපළ කරයි.
මිතුරන් ඔහු එතැයි අපේක්ෂාවෙන් බලා සිටින පසුබිමක අතුරුදන් සහන් සෙවීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකව පවතියි.
COMMENTS