දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රස්තවාදී ලේබල් එපා ! : ''තවුහිද් ජමාත් ගැන මුලින්ම හෙළි කළේ මමයි'' - අසාද් සාලි
Homeප්‍රවෘත්ති

ත්‍රස්තවාදී ලේබල් එපා ! : ''තවුහිද් ජමාත් ගැන මුලින්ම හෙළි කළේ මමයි'' - අසාද් සාලි

PropellerAds

ත වුහිද් ජමාත් සංවිධානය 2005 වසරේදී මුල්වරට මෙරටට ඇතුළු වීමට ගත් උත්සාහය වළකාලූ තමාට ත්‍රස්තවාදී ලේබලය ඇලවීමට ගන්නා උත්සාහය දැඩි සේ හෙළා දක...

මහින්ද කරූ හමු වෙයි
හදිසියේම රෝසිගෙන් මහින්දට ලිපියක්
මල්වතු මහනායක හිමියන්ගෙන් ජනපතිට හා අගමැතිට ලිපියක්
වුහිද් ජමාත් සංවිධානය 2005 වසරේදී මුල්වරට මෙරටට ඇතුළු වීමට ගත් උත්සාහය වළකාලූ තමාට ත්‍රස්තවාදී ලේබලය ඇලවීමට ගන්නා උත්සාහය දැඩි සේ හෙළා දකින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැවසීය.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලකයන් විසින් තමාට එරෙහිව නඟන ත්‍රස්තවාදියා යන චෝදනාවට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.


ත්‍රස්ත සංවිධානයට ආණ්ඩුවේ ගිණුමකින් මුදල් !

2005 වසරේදී ඉන්දියාවේ සිට පස්වතාවක් මෙරටට පැමිණීමට උත්සාහ කළ පී. ජේ. දේව් ආබ්දීන් නමැත්තා පිළිබඳව එවකට රජය දැනුවත් කරමින් ඔහු වළකාලීමට තමන් කටයුතු කළ බවත් අද තමාට ත්‍රස්ත චෝදනා නඟන්නන් එදා තවුහිද් ජමාත් සංවිධානය මෙරට රෝපණය කිරීමට පැවති ආණ්ඩුවේ ගිණුමකින් මූල්‍ය ආධාර ලබා දී ඇති බවත් හෙතෙම චෝදනා කළේය.

පසුගිය රජය තමා ත්‍රස්තවාදියකු ලෙස රටට පෙන්වීමට තමා දින 90 ක් සිරගත කරන්නට මාන බැලූවත් තමන්ට විරුද්ධව ගෙන ආ චෝදනා ඔප්පු කර ගත නොහැකි වූ බව ද හෙතෙම අවධාරණය කළේය.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ලෝක හොරෙකු බව පැවසූ අසාද් සාලි මහතා, ඔහු තමාට එරෙහිව ඇති චෝදනාවන්ගෙන් ගැලවීම සඳහා සිංහල ජනතාව කුපිත කරමින් ආණ්ඩු පෙරළියකට අර අඳින බව ද සඳහන් කළේය.

එසේම ඊයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍යයට ලබාදුන් තොරතුරු පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් රහස් පොලිසිය යවා ඥානසාර හිමිගෙන් ප්‍රශ්න කළ යුතු බවත් උන්වහන්සේ පැවසූ දෙය සැබෑවක් නම් වහාම පන්සල් ආරක්ෂා කිරීමට පියවර ගත යුතුව ඇති බවත් සියලූ ත්‍රස්තවාදී, අන්තවාදී සංවිධාන තහනම් කිරීමට රජය ක්ෂණිකව ක්‍රියා කළ යුතු බවත් අසාද් සාලි මහතා කියා සිටියේය.

(දිවයින)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රස්තවාදී ලේබල් එපා ! : ''තවුහිද් ජමාත් ගැන මුලින්ම හෙළි කළේ මමයි'' - අසාද් සාලි
ත්‍රස්තවාදී ලේබල් එපා ! : ''තවුහිද් ජමාත් ගැන මුලින්ම හෙළි කළේ මමයි'' - අසාද් සාලි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpDeBeQm8koXGJwUHIWkz9i8cOHeqDCuCYvx12ynzsX374GxctG0jXZS_5J3-lv_DfKgnsOXryshd20-1jQzq3OT-ORzSVOaR1p-lEXOCE9EtD8mOfTHA2Pg2oBB2IiyGp9S3QV6VPP5lt/s320/1c33f4ee6101681ee501b733a9a76e32_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpDeBeQm8koXGJwUHIWkz9i8cOHeqDCuCYvx12ynzsX374GxctG0jXZS_5J3-lv_DfKgnsOXryshd20-1jQzq3OT-ORzSVOaR1p-lEXOCE9EtD8mOfTHA2Pg2oBB2IiyGp9S3QV6VPP5lt/s72-c/1c33f4ee6101681ee501b733a9a76e32_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_438.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_438.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy