දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ණය බර ට්‍රිලියන 4.1කින් වැඩි කරලා - මංගලගේ මිල සූත්තරයෙන් විය හැකි දේ
Homeප්‍රවෘත්ති

ණය බර ට්‍රිලියන 4.1කින් වැඩි කරලා - මංගලගේ මිල සූත්තරයෙන් විය හැකි දේ

PropellerAds

මිල සූත්‍රය කුමක්ද කියා කිසිවකු නොදන්නා බවත් මේ ආණ්ඩුව සියලු දේ වැඩි කර ජනතාව බදු බරෙහි ගිල්වන බවත් ජනිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්...

සජිත් සමග කතා කලා පමණයි.. ඔහුට සහාය දෙන්න එකග වූයේ නෑ - TNA
gotabaya rajapaksa case
ගෝඨාට සහාය දෙනවාට වෙල්ගමගේ විරෝධය.. ශ‍්‍රීලනිපයෙන් අපේක්‍ෂකත්වය නොදුනනොත් වෙල්ගම වෙනම ජනාධිපතිවරණයට
ණය බර ට්‍රිලියන 4.1කින් වැඩි කරලා - මංගලගේ මිල සූත්තරයෙන් විය හැකි දේ

මිල සූත්‍රය කුමක්ද කියා කිසිවකු නොදන්නා බවත් මේ ආණ්ඩුව සියලු දේ වැඩි කර ජනතාව බදු බරෙහි ගිල්වන බවත් ජනිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

‘මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ලෝක වෙළඳපොළෙහි බොරතෙල් බැරලය ඩොලර් 121ක්. අද එය ඩොලර් 72ක්. මංගල පින්සිරි ඇමතිවරයාගේ මිල සූත්‍රය අනුව අද පෙට්රල් ලීටරය රුපියල් 145ක් හා ඩීසල් ලීටරය 119ක්. නමුත් බොරතෙල් බැරලය මහින්ද පාලන සමයේ ගණනට ඉහළ ගියොත් පෙට්රල් ලීටරය රුපියල් 243ක් ද ඩීසල් ලීටරය රුපියල් 198ක් ද වේවි. එහෙත් මහින්ද රාජපක්‍ෂ පාලනය එදා බොරතෙල් බැරලය 121ක් වන විට පෙට්රල් ලීටරය රුපියල් 15කට දුන්නා” යැයිද මුසම්මිල් මහතා පෙන්වා දුන්නේය.

අද (12) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණෙහි ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“අද මේ ආණ්ඩුව ඉතාමත් අසාධාරණ ලෙස ඔක්ටේන් 92 පෙට්රල් ලීටරය රුපියල් 145 දක්වාත්, ඩීසල් ලීටරය රුපියල් 119 දක්වාත් ඉහළ දමා තිබෙනවා. ඔවුන් පවසන්නේ ‘මිල සූත්‍රය අනුව මෙසේ ඉන්ධන මිලෙහි වැඩිවීම්, අඩුවීම් සිදු විය හැකියි’ කියලා. නමුත් අපි කිසිවකුත් දන්නේ නැහැ, මේ කියන මිල සූත්‍රය කුමක්ද, කියා. මේ ආණ්ඩුව සියලු දේ වැඩි කරනවා, ජනතාව බදු බරෙහි ගිල්වනවා. ඒ විදියට කටයුතු කරමින් ඒවාට හේතුත් කියනවා. අලුත් බදු පනතින් ‘බලු බද්ද සහ තන බද්ද’ විතරයි ගහලා නැත්තේ. එහෙම බදු බර වැඩි කිරීමට හේතුව ලෙස කියන්නේ ‘රාජපක්‍ෂ රෙජීමයේ ණය බර නිසා මෙහෙම බදු අය කරන්න වුණා’ කියලයි.

‘ණය බර ට්‍රිලියන 4.1කින් වැඩි කරලා’

රාජපක්‍ෂ පාලනයෙන් මේ රට භාරගන්න කොට තිබුණු ණය බර රුපියල් ට්‍රිලියන 7.4ක්. නමුත් ගෙවීගිය වසර තුනහමාර තුළ රටේ සමස්ත ණය බර රුපියල් ට්‍රිලියන 11.5 දක්වා වැඩි වී තිබෙනවා. මේ ආණ්ඩුව මේ කෙටි කාලය තුළ ට්‍රිලියන 4.1කින් රටේ ණය බර වැඩි කර තිබෙනවා. ඒ අනුව යහපාලන ආණ්ඩුව තම පාලන කාලය තුළ වැඩිම ණය බරක් ජනතාව මත පැට වූ ආණ්ඩුව බවට පත් වෙලා ඉවරයි. මේ විදිහේ විනාශයක් රටට සිදු කරලා අන්තිමට ‘රාජපක්‍ෂ ණය’ කියලා එකක් පෙන්වලා මේ අය තමන්ගේ ගැලවීමට බොරු හේතුත් කියනවා.

ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව බැලුවත් මේ අය කියන්නේ බොරු හේතුවක්. ‘මිල සූත්‍රය’ කියන එක පෙන්නලා කරන්නේ ඉන්ධන මිල මාසයෙන් මාසයට වැඩි කිරීම පමණයි. මේ මිල සූත්‍රය අනුව බැලුවොත් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 72යි. එවිට ඔක්ටේන් 92 පෙට්රල් ලීටරය රුපියල් 145යි, ඩීසල් ලීටරය රුපියල් 119යි. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ (2014 වන විට) බොරතෙල් බැරලය ඩොලර් 121ක්. මේ මිල සූත්‍රය අනුව බොරතෙල් බැරලය ඩොලර් 121 වුවහෙත් ඔක්ටේන් 92 පෙට්රල් ලීටරය රුපියල් 243ක් සහ ඩීසල් ලීටරය රුපියල් 198ක් වෙනවා. හැබැයි මහින්ද රාජපක්‍ෂ පාලනය එදා මේ රටේ ජනතාව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරය රුපියල් 153කට ලබා දුන්නා. මේ අවුරුදු තුනහමාර තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 40 - 45 වූ අවස්ථා තිබුණා. එහෙම අවස්ථාවල මේ අය ඒ වාසිය ජනතාවට දුන්නා ද? නැහැ. ඔවුන් රුපියල් බිලියන ගණනක ලාභයක් ලැබුවා. නමුත් ජනතාවට කිසිදු සහනයක් දුන්නේ නැහැ. අවසානයේදී ජනතාව මත 2018 අප්‍රේල් 01 වැනිදා සිට අධික බදු බරක් පැටවූවා. දැන් ඉන්ධන මිල ඉහළ දැමීම තුළ සිදුවන්නේ අසරණ ජනතාව ‘කබලෙන් ලිපට වැටීම’ පමණයි.

‘ඇමතිවරුන් පාතාලයට කිරි පොවනවා’

මේ ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ ඉතාමත් බිහිසුණු ලෙස පාතාලය හිස ඔසවා තිබෙනවා. ගෙවී ගිය මාස එකහමාර තුළ විපක්‍ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් තිදෙනකු මරා දමා තිබෙනවා. ඒ වගේම ගෙවීගිය මාස 05 තුළ මංකොල්ලකෑම් 1260ක්, ස්ත්‍රී දූෂණ 734ක්, ඝාතන 214ක් වාර්තා වී තිබෙනවා. ඉහත මනුෂ්‍ය ඝාතන 214න් 33ක් වෙඩි තබා ඝාතනය කිරීම්. මේ ආකාරයට පාතාල ක්‍රියාකාරකම් ඉහළ යාමට ප්‍රධානතම හේතුව තමයි, පාතාල නායකයන්ට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්ගේ ඍජු අනුග්‍රහය ලැබී තිබීම.
කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ එජාපයේ හිටපු ප්‍රබල ඇමතිවරයකුගේ මැතිවරණ කටයුතුවලට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පාතාල නායකයින් සම්බන්ධ වී සිටියා. ‘සමයං’ නමැති ප්‍රබල පාතාල නායකයා කඩුවෙල ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ මැතිවරණ කටයුතුවලට සම්බන්ධ වුණා. අනුරාධපුර තිදරු පියාගේ ඝාතනයට සම්බන්ධ මැරයන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල දේශපාලනඥයකුගේ රැකවරණය ලැබූ පිරිස් බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ නිසා පැහැදිලිව පෙනෙනවා, මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පාතාලයන්ට කිරි පොවන බව.

‘පාතාලය රකින පොලිස් රාජ්‍යයක්’

අනුරාධපුර තිදරු පියා ඝාතනය වූ අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ හැසිරීම පෙන්නුම් කළේ කුමක්ද? ඔහු වින්දිතයන්ට චෝදනා කළා. සැකකරුවන් රැකගන්න උත්සාහ කළා. නඩු භාණ්ඩ මාධ්‍යයට ලබා දෙන්න සූදානම් වූවා. බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු කරුණු මාධ්‍ය හමුවේ තැබුවා. මෙමගින් පෙනී යන්නේ ‘පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ හැසිරීම අනුරාධපුර තිදරු පියා ඝාතනයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ එජාප ප්‍රබල දේශපාලනඥයා රැක ගැනීමේ හැසිරීමක්’ බව නොවේ ද? පාතාලයට සහ ඊට කිරි පොවන ආණ්ඩුවේ දේශපාලනඥයන්ට රැකවරණය දෙන අතරේ විපක්‍ෂයේ දේශපාලනඥයන් හා මහජනතාව පීඩාවට පත් කරන පොලිස් රාජ්‍යයක් බිහි වෙමින් ඇති බවයි ඉන් කියැවෙන්නේ. මේ සියල්ල කඩිනමින් වෙනස් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ජනකොටස් පෙළගැසිය යුතුයි”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ණය බර ට්‍රිලියන 4.1කින් වැඩි කරලා - මංගලගේ මිල සූත්තරයෙන් විය හැකි දේ
ණය බර ට්‍රිලියන 4.1කින් වැඩි කරලා - මංගලගේ මිල සූත්තරයෙන් විය හැකි දේ
http://am.lk/media/k2/items/cache/a9edc380285abdfb220983ff57c6629c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/41.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/41.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy