මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධා...
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන සැකකරුවන් ලබන 17 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(05) නියෝග කළේය.
බන්ධනාගාර නිලධාරින් විසින් 2018 ජූනි මස 29 වන දා පස්වරු 2 ට පමණ බන්ධනාගාරයේ ඉහත නම් සඳහන් සැකකරුවන් රඳවා තිබෙන වාට්ටුව පරීක්ෂා කිරීමේ දී එහි සඟවා තිබු ජංගම දුරකථන 3 ක් සිම් කාඩ් පත් 5 ක් හමුවි ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසර් ජෙනරාල් ලසන්ත කෝදාගොඩ මහතා කරුණු දක්වමින් අධිකරණයට කියා සිටියේය.
එම දුරකථන අතරින් එක් දුරකථනයක් අර්ජුන් ඇලෝෂියස් මහතා නිදා ගන්නා කොට්ටය හා මෙට්ටය අතර සඟවා තිබු බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී අධිකරණයට දන්වා ඇත.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝෂියස් මහතාව සහ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් 6 දෙනෙකුට අධිකරණ අවසරයකින් තොරව විදෙස් ගත වීම නවත්වන නියෝගයක් ද අධිකරණය විසින් ලබා දී තිබේ.
ඒ අනුව ජෙෆ්රි ජෝශප් ඇලෝෂියස්, ජෙෆ්රි ඇන්ටන් ඇලෝෂියස්, චිත්‍ර රංජන් හුළුගල්ලේ, පුෂ්පචන්ද්‍ර ගුණවර්ධන, මුතුරාජ සුරේන්ද්‍රන්, ආචාර්ය ගාර්ඩියල් පුංචිහේවා යන පුද්ගලයින්ට මෙලෙස අධිකරණ අවසරයකින් තොරව විදෙස් ගතවීම තහනම් කර ඇත.
මේ සම්බන්ධයෙන් ආගම ආගන විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයිද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS