ඊයේ (08) රාත්‍රී 8.15 ට පමණ කොළඹ-ජම්පටාවීදියේ, සෙල්විගේ වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්...
ඊයේ (08) රාත්‍රී 8.15 ට පමණ කොළඹ-ජම්පටාවීදියේ, සෙල්විගේ වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් මෙලෙස ඇතුළත් කළ තුවාල ලැබූවන් අතරින් වයස අවුරුදු 58 ක් වු සෙල්වයියා සෙල්වරාජ් යන පුද්ගලයා හා වයස අවුරුදු 50 ක් වු එලිසබට් පෙරේරා යන කාන්තාවක් මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූ අනෙක් පිරිමි පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.
වෙරළබඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.
COMMENTS