දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙවර ජයග්‍රහණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25කට සොලවන්න බැරි බව රවී කරුණානායක කියයි
Homeප්‍රවෘත්ති

මෙවර ජයග්‍රහණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25කට සොලවන්න බැරි බව රවී කරුණානායක කියයි

PropellerAds

අ පි මේ බලය ලබාගන්නේ අපේ අහිංසක මහජනතාවට සේවය කරන්නයි. 2015 ජයග්‍රහණය ලබාගත්තෙත්, ජනතා සිතුම්පැතුම් ඉටු කරන්නයි. නමුත් අපට ඒක සම්පූර්ණයෙන් ...

රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා - කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්
පාස්කු දින ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් දී කතෝලික ජනතාවට සාධාරණය ඉටුකළ යුතුයි – හිටපු ජනාධිපති
'පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා' - ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි (VIDEO)
පි මේ බලය ලබාගන්නේ අපේ අහිංසක මහජනතාවට සේවය කරන්නයි. 2015 ජයග්‍රහණය ලබාගත්තෙත්, ජනතා සිතුම්පැතුම් ඉටු කරන්නයි. නමුත් අපට ඒක සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණා. නමුත් එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අපට හැකිවුණා. ඒ තුළින් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා. රටේම ජනතාව එය පිළිගන්නවා. තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුව, දේශපාලන පලිගැනීම්, ආදි ගැටළු කිසිවක් අපට පැහැදිළි ලෙස විසදගන්න බැරිවුණා.
ඒ නිසයි අපි මෙවර එක්සත් ජාතික පක්ෂයෙන්ම ජනාධිපතිවරයෙක් පත්කරගෙන, වසර ගණනාවක් තිස්සේ පාක්ෂිකයන්ට සිදුවන අසාධාරණකම් වලට සාධාරණ විසදුම් ලබාදෙන්න අපි තීරණය කළේ. මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පස්සේ, එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25 කට සොලවන්න බැරි වේවි යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලය රැස්වීමට සහභාගි වෙමිනි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

"අද අපි මේ කොළඹ බලමණ්ඩලය වශයෙන් රැස් වෙලා සිටින්නේ වැදගත් පණිවිඩයක් ලබාදෙන්නයි. ලක්ෂ 16 ක ඡන්ද ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයේ තිබෙනවා. ඡන්ද මධධ්‍යස්ථාන 1166 ක් තිබෙනවා. මේ තුළින් නොවැම්බර් 16 දා ගෙයින් ගෙට, හදවතින් හදවතට කතා කරලා කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය 230,000 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජනාධිපතිවරණය කොළඹ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරවනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. හිතන්නෙපා මෙම ජනාධිපතිවරණය ලේසිපහසු කාර්යයක් කියලා. අපට දිනන්න ඕන ලක්ෂ 70 කට වඩා ඡන්ද ලබාගෙන, එක්සත් ජාතික පක්ෂ අපේම ජනාධිපතිවරයෙක් පත්කල යුතුයි. 2015 දී අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ 162,000 කව වැඩි ඡන්දයකින්. ඊට පස්සේ අගොස්තු මාසෙ 25 වනදා වනවිට මහා ඡන්දය තියලා, කොළඹ දිස්ත්‍රික්කය 178,000 කින් ජයග්‍රහණය කළා. අද අපිට ඡන්ද ප්‍රමාණය 7% ක වර්ධනයක් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේ ජනාධිපතිවරණය 235,000 ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් අපි ජයග්‍රහණය කරනවා කියලා මම කිව්වේ. ඒ සදහා අපි කතාව නවත්තලා වැඩ ආරම්භ කල යුතුයි. මේ මාසේ 10 දා පවත්වන අපේ ප්‍රථම රැළියත් සමගින් අපි අපේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ගමන ආරම්භ කරනවා. කොළඹින් වගේම රටේ සැම තැනකින්ම මේ සදහා පැමිණීම අවශ්‍යයි."

"ඊට පසුව  අපි ගෙයින් ගෙට යාමේ වැඩසටහන පියවර 03 ක් යටතේ සිදුකිරීමට සැලසුම් කරලා තිබෙනවා. සෑම ආසනයකම රැස්වීම 15 ක් බැගින් පැවැත්විය යුතුයි. කොළඹ දිස්ත්‍රික්කය සෑම විටම ඡන්දයකට සූදානම් පමණක් නොවෙයි, සෑම ඡන්දයක්ම ජයග්‍රහණය කරන්නත් සුදානම්. අපිට පළිගැනීම් දේශපාලනයක් නැහැ. මුළින්ම අපි ජාතික ආරක්ෂාව ගැන සිතිය යුතුයි. ඒ වගේම ආර්ථිකය මෙන්ම සංවර්ධනය ගැනත් සැලකිලිමත් විය යුතුයි. රටේ එකීයභාවය රැකගෙන, පුළුල් බලය විමධ්‍යගත කිරීමක් සිදුකළ යුතුයි. ඒ වගේම සාර්ථක මෙන්ම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහිකළ යුතුයි. එය වැඩකළ හැකි පිරිසකගෙන් සමන්විත විය යුතුයි. අපිට සම්පූර්ණ ආණ්ඩුවක් තිබුණේ නැහැ. මාස 15 ක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ගැටළු තිබුණා. ආණ්ඩුව කඩා වැටුණා. ආර්ථිකය අස්ථාවර වුණා. මේ නිසා අපට ජනතාවට සහන සලසන්න නොහැකි වුනා.  මෙන්න මේ නිසයි අපි ඉල්ලන්නේ අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් අපි අපේ බලය පෙන්වමු කියලා." යැයි පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙවර ජයග්‍රහණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25කට සොලවන්න බැරි බව රවී කරුණානායක කියයි
මෙවර ජයග්‍රහණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25කට සොලවන්න බැරි බව රවී කරුණානායක කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0lt0DBpUYiAhOpI-_kcikpZHBhmduQI26DU5enmHBX3xgkin5klBE0j0qB9K80S3KtAUeVol2Wp9tcTqedJCJg0jyIBj5esx495KFveeeRvRDAArLHu6vzvPkxEsigOgIQgroNtglVIzp/s320/ravi-karunanayaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0lt0DBpUYiAhOpI-_kcikpZHBhmduQI26DU5enmHBX3xgkin5klBE0j0qB9K80S3KtAUeVol2Wp9tcTqedJCJg0jyIBj5esx495KFveeeRvRDAArLHu6vzvPkxEsigOgIQgroNtglVIzp/s72-c/ravi-karunanayaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy