2020 වසරේ මේ රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් යලිත් රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන බව කදුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත...
2020 වසරේ මේ රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් යලිත් රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන බව කදුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බැව් පැවසුවේ වතු කම්කරුවන් වෙනුවෙන් වත්මන් රජය සහ ඉන්දියානු රජය එක්ව ඉදි කරන නව වතු නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමේ උත්සවයක් ඊයේ (15) ආගරපතන ඩයගම ප්‍රදේශයේ පැවති අවස්ථාවේදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ තමන් වතුකරයේ ජනතාව වෙනුවෙන් වැඩ කිරිමට පැමිණි අයෙකු බවය.
මිට වසර දෙකකට ප්‍රථම වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් වතු එකාබද්ධ වෘත්තිය සමති සහ වතු හාම් ප්‍රතුන්ගේ සංගමය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට අනුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුපඑදා රුපියල් 1000 දක්වා වැඩි කිරිමට නොහැකි වුයේ තමන් එය පවා දුන් බවට හිටපු අමාත්‍යය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශයක් කර ඇති බවයි.
තමන් වතු කම්කරුවන් වෙනුවෙන් වැඩ කිරිමට පැමිණි නායකයකු බවත්, බලය රැක ගැනීම සදහා හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙන් ප්‍රතිපත්ති පවා නොදෙන බවයි.
ජාතික ලයිස්තුවෙන් පාර්ලමේනතුවට පැමිණි ඩිලාන් පෙරේරා මහතා වර්තමානයේ එකාබද්ධ විපක්ෂය සමග එක් වි හිටපු ජනාධිපතිවරයා මෙරටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් යලිත් පත් කිරිමේ උත්සහයක නිරත වි සිටියත්, එය කිසි දිනක ඉටු නොවන උත්සහයක් බවයි අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කියා සිටින්නේය.
යලි පැවැත්වෙන මහ මැතිවැණයෙකදි ඩිලාන් පෙරේරා මහතාට සිදු වෙන්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එම බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා මෙම උත්සවයේදි වැඩි දුරටත් කියා සිටියේය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS