දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

20 ගැසට් වේ : පාර්ශව ගණනාවක සහය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පෞද්ගලික යෝජනාවක් ලෙස ගෙනා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා පනත් ක...


ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පෞද්ගලික යෝජනාවක් ලෙස ගෙනා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා පනත් කෙටුම්පත පසුගිය 9 වැනිදා රජය විසින් ගැසට් කරනු ලැබීය.

මෙම විසි වැනි ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත්‍රය නීතිපතිවරයාට යොමු කර නීති උපදෙස් ලබාගන්නා අතර, ඉන්පසු මාස හයක් ඇතුළත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතය. පසුව ඒ සම්බන්ධය අධිකරණයට යාමට දින 14ක කාලයක් ලබාදෙන අතර එහිදි එම ප්‍රශ්න විසඳුමකට පැමිණි පසු පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් විවාදයකට දිනයක් නියම කෙරේ.

විස්සට සහාය දෙනවා

ජනවාරි 8 දා අභිලාෂයන් ඉටු කරගැනීමට 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

තමන්ගේ මූලික පරමාර්ථය වන්නේ නව ව්‍යවස්ථවක් සකස් කිරීම බවත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට කල් ගතවන්නේ නම් 20වැනි සංශෝධනයට සහාය දක්වමින් ජනවාරි 8 දා පොරොන්දු ඉටු කිරීමට සූදානම් බවද වික්‍රමරත්න මහතා කියා සිටියේය.

මෙමඟින් පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් බිහි වෙනවා වගේම, පාර්ලිමේන්තුවේ උපරිම කැමැත්ත ඇති පුද්ගලයා අගමැතිවරයා වන බවද, ජයම්පති වික්‍රමරත්න මහතා අනාවරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මෙසෙද කිවේය.

මා නියෝජනය කරන පක්ෂයේ මතය නම් අපි ඉන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යා යුතුයි කියන තැනැයි. නමුත් නව ව්‍යවස්ථාව සකස් කිරීම ඇද ඇද යනවා නම් 20වැනි සංශෝධනයට සහාය ලබාදෙන තැන අපි ඉන්නවා. මොකද ජනවාරි 8 දා ලබාදුන් පොරොන්දු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉටු කිරීමට එදා අපට හැකියාව තිබුණේ නැහැ. එදා සරල බහුතරයක්වත් නැති නිසා 19වැනි ව්‍යවස්ථාවේ සරබාල කිරීමට සිදු වුණා. ඒ සම්මත වූ 19වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යම් යම් අඩුපාඩු ඒ නිසාම තිබෙනවා. ජනවාරි 8දා ලබාදුන් පොරොන්දු අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එදා කර ගන්න බැරිවුණු දේවල් කර ගැනීමට හැකියාව තිබෙන බව අප විශ්වාස කරනවා. ජනවාරි 8 දා අභිලාෂයන් ඉටු කරගැනීමට අපි මෙයට සහාය ලබාදෙනවා.

නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් බිහිවෙනවා වගේම රාජ්‍ය නායකයා මෙන්ම සේනාධිනායකයාද වන්නේ ජනාධිපතිවරයායි. ආණ්ඩුවේ හා ඇමැති මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ අගමැතිවරායායි. ජනාධිපතිවරයා තෝරා ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උපරිම කැමැත්ත තිබෙන කෙනායි.

මෙම 20වැනි ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත්‍රය නීතිපතිවරයාට යොමු කර නීති උපදෙස් ලබාගන්නා අතර, ඉන්පසු මාස හයක් ඇතුළත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතයි. පසුව ඒ සම්බන්ධව අධිකරණයට යාමට දින 14ක කාලයක් ලබාදෙන අතර එහිදී එම ප්‍රශ්න විසඳුණු විට පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් විවාදයකට දිනයක් නියම කෙරෙනවා.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28594,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 20 ගැසට් වේ : පාර්ශව ගණනාවක සහය.
20 ගැසට් වේ : පාර්ශව ගණනාවක සහය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjL5MMTyWQOv52mp7iEJNOmKaddeSIv8By8AzH35vuZ3XYseJNcDAXeTEc5pW9xjojd2RSQ4_n32RnzMdPH6j3GBx0_QBmF7nKFtA9TwTNBIVTuOWn0b9F_DTXqRcx5sH-Y1HblJLUmiac/s1600/20.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjL5MMTyWQOv52mp7iEJNOmKaddeSIv8By8AzH35vuZ3XYseJNcDAXeTEc5pW9xjojd2RSQ4_n32RnzMdPH6j3GBx0_QBmF7nKFtA9TwTNBIVTuOWn0b9F_DTXqRcx5sH-Y1HblJLUmiac/s72-c/20.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy