දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනුරාධපුර පන්සලක් ඉදිරිපිට ‘රෙඩි මේඩ් ගෙයක්‘ ගෙනත් හයිකර පදිංචි වෙලා
Homeගොසිප්

අනුරාධපුර පන්සලක් ඉදිරිපිට ‘රෙඩි මේඩ් ගෙයක්‘ ගෙනත් හයිකර පදිංචි වෙලා

PropellerAds

අනුරාධපුර පන්සලක් ඉදිරිපිට ‘රෙඩි මේඩ් ගෙයක්‘ ගෙනත් හයිකර පදිංචි වෙලා  මේ කාලයේ බෙහෙවින් ප්‍රචලිතව පවතින කන්ටේනර් මංජුසා භාවිතයෙන් සවි...

මහින්ද සහෝදර සමාගමේ මකුළුදැල් කඩයි (සඳුදා කාටූන්)
බිරිය බලන්න රෝහලට යද්දී රුහුණු කුමාරියේ මෝටර් රථය ගැටී තිදරු පියා මරුට
Sunsilk Hair Story



අනුරාධපුර පන්සලක් ඉදිරිපිට
‘රෙඩි මේඩ් ගෙයක්‘ ගෙනත් හයිකර පදිංචි වෙලා

 මේ කාලයේ බෙහෙවින් ප්‍රචලිතව පවතින කන්ටේනර් මංජුසා භාවිතයෙන් සවිකරන කල් ඇතිව සැකසූ නිවසක් බලහත්කාරයෙන් ගෙන ඇවිත් අනුරාධපුර පන්සලක් ඉදිරිපිට පදිංචිවූ පිරිසක් ගැන පුවතක් වාර්තාවේ.
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි
ශ්‍රී බෝධි ඤාණවර්ධනාරාමයට ඊයේ (17 දා) උදැසන භික්‌ෂූන් වහන්සේ කිහිප නමක්‌ හා ගිහි පිරිසක්‌ පැමිණ මේ කියන නව නිවස ගෙනැවිත් එහි තබා බලහත්කාරයෙන් පදිංචි වූ බවට එම විහාරස්‌ථානයේ දායකයන් විසින් අනුරාධපුර පොලිසියට පැමිණිලි කර ඇත.

මේ පිළිබඳව එම විහාරස්‌ථානයේ දායකයකු මෙසේ පවසා ඇත.
"අපේ ලොකු හාමුදුරුවෝ

කොළඹ ගිහින්. අද උදේ නිමකරන ලද නිවසක්‌ ලොරියක පටවාගෙන පැමිණි පිරිසක්‌ බැකෝ යන්ත්‍රයක්‌ මඟින් එම නිවස අපේ විහාරස්‌ථානයේ ඉදිරිපස තැබුවා.
අපේ පන්සලේ ඉදිරිපස දොර අවහිර වන පරිදි මේක සවි කරලා මේ ඉඩමේ කොටසක්‌ ඒ අයට අයිතියි, කියලා තමා මේ බලෙන් මෙතැන ගෙයක්‌ සවිකරල තියෙන්නේ.
මේ ඉඩමේ මේ පන්සල වසර 20 කට වැඩි කාලයක්‌ තිස්‌සේ තියෙනවා. භික්‌ෂුන් වහන්සේලා නේවාසිකව වැඩ ඉන්නවා. දායක සභාවක්‌ තියෙනවා. මේ අයගේ ඉඩම් කොටස අවුරුදු 25 ක්‌ම සංවර්ධනය නොකළ නිසා දැන් අවලංගු වෙලා තියෙන්නේ. මීට පෙර මේ පිළිබඳව අපි ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා. අද මේ අය බලෙන් මෙහි පදිංචිවීම පිළිබඳව පොලිසියට පැමිණිලි කළා"
මෙම විහාරස්‌ථානයට අලුතින් පැමිණ නේවාසිකව වැඩසිටින භික්‌ෂුන් වහන්සේ වන අරුගොඩ මහින්ද හිමියෝ මෙසේ පැවසූහ. මෙම ඉඩම පාර්ලිමේන්තු ගැසට්‌ එකක්‌ මඟින් අපට හිමිවී තිබෙන ඉඩමක්‌. මෙහි පර්චස්‌ 164 ක්‌ අපට අයිතියි. ඒත් වෙනත් අය මේක බලෙන් අල්ලාගෙන දැන් තියෙන්නේ පර්චස්‌ 64 ක්‌ විතරයි. අපට අයිති නිසා අපි අද පිරිත් කියලා මේ දායකයෝත් එක්‌ක ඇවිත් මෙහි පදිංචි වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්‌ථාන පොලිසිය විසින් එම ස්‌ථානයට පැමිණ ඊයේ 17 දා පරීක්‌ෂණ ආරම්භ කරන ලදී.

(නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනුරාධපුර පන්සලක් ඉදිරිපිට ‘රෙඩි මේඩ් ගෙයක්‘ ගෙනත් හයිකර පදිංචි වෙලා
අනුරාධපුර පන්සලක් ඉදිරිපිට ‘රෙඩි මේඩ් ගෙයක්‘ ගෙනත් හයිකර පදිංචි වෙලා
http://ift.tt/2mdvF59
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_873.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_873.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy