දැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අපේක්ෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්ත්වයන් ඇතුලු විවිධ හේතූන් මත ඉහළ ගොස් ඇ...
දැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අපේක්ෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්ත්වයන් ඇතුලු විවිධ හේතූන් මත ඉහළ ගොස් ඇති බැවින් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) විසින් එහි හිඟයෙන් කොටසක් මූල්‍යයනය කිරීම සඳහා සෞදි රියාල් මිලියන 60ක (ඇ.ඩො. මිලියන16, රු. මි. 2,560) අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී තිබේ.
සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD),අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED)හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID)යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි. යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 265 වන අතර ඉන් ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහකන්ද ජලාශයට හැරවීමට හැකිවේ. මෙම ව්‍යාපෘතිය යටතේ කළුගඟ ද්‍රෝණියේ හෙක්ටයාර 3,000කනව වාරි ප්‍රාදේශයක් වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්ත්වයන් ඇතුලු විවිධ හේතූන් මත සිදු කරන ලද සැලසුම් සංශෝධනයන් නිසා ඉහළ ගොස් ඇති බැවින් ඉහත පාර්ශවකරුවන් විසින් සපයන ලද අරමුදල් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත.
අරමුදල් හිඟයෙන් ඉතිරි කොටස මූල්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED)සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සමඟ ගිවිසුම්වලට එළඹ ඇත.
සෞදි රියාල් මිලියන 60ක් වූ අතිරේක ණය මුදලට අදාළ ගිවිසුම 2018 ජූලි මස 18 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා සහ සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලෙහි (SFD) නියෝජ්‍ය සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ යූසුෆ් ඉබ්‍රහීම් අල් අබිදුල්රහමාන් අල් බසාම් මහතා ගිවිසුමට අත්සන් තබා තිබේ.
කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය
මේ අතර 21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය ලෙස හැඳින්වෙන මොරගහකන්ද - කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියෙහි කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ රජ රටට - කඳුරට එක් කරන මොරගහකන්ද - කළුගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම අද (23) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මොරගහකන්ද සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයයි. මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ කලුපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය වේ. මෙහි සම්පූර්ණ ධාරිතාවය ඝන මීටර් දස ලක්ෂ 248කි. එනම් අක්කර අඩිවලින් 200,880 කි. මෙම ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ දිග මීටර් 618 ක් වන අතර උස මීටර් 68කි. වේල්ලේ මුදුණත පළල මීටර් 8ක් වේ. මෙහි අනෙකුත් සැඳලි වේල්ල ජලාශයට දකුණු පස ඉදිවන අතර එහි දිග මීටර් 28ක් වන අතර උස මීටර් 719කි. ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කි.මි 128 ක් වන අතර ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කි.මි. 14.5 කි.
කළුගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර, පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර 2,000ක පමණ ප‍්‍රමාණයක් තිරසරව වගා කිරීම සඳහා අවශ්‍ය ජලය සැපැයීමෙන් අනතුරුව අතිරික්ත ජල ප‍්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
මොරගහකන්ද - කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝ මීටර් 9 ක් දිග උමග සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹෙයි.
මෙම ඇළ මාර්ගය මගින් කළුගඟ ජලාශයේ පිරෙන ජලය තත්ත්පරයකට ඝන මීටර් 35ක් මොරගහකන්ද ජලාශයට ගමන් කරයි. මෙම උමගේ පළල අඩි 25 ක් වන අතර, ඇලේ පළල අඩි 25 කි. එය මාස 36 කදී ඉදිකිරීමට අපේක්ෂිත අතර මෙහි සියලු සැලැසුම් පරිසර හිතකාමී අයුරින් නිර්මාණය වීම විශේෂත්වයකි.
කළුගඟ ජලාශය නිර්මාණය වීම හේතුවෙන් මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ ඉහළ ඇළහැර ඇළ මගින් මහකනදරාව දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය හා පැරැණි අඹන් ගඟ, යෝධ ඇළ හරහා මින්නේරිය, ගිරිතලේ කවුඩුල්ල, කන්තලේ දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය තවත් වර්ධනය වී ඒ ප‍්‍රදේශවල කෘෂිකර්මික සංවර්ධනය තව දුරටත් පුළුල් වේ. මේ හැර පැරණි අඹන් ගඟ ඔස්සේ බෝවතැන්න ජලාශයේ සිට මොරගහකන්ද ඇළහැර අමුණ ප‍්‍රදේශයෙන් ගලා ගිය ජල ප‍්‍රමාණය වයඹ ප‍්‍රදේශයේ පවුල් 40,000 කට පමණ වසර පුරා තිරසර ලෙස වගා කිරීමටත් අනෙකුත් පානීය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපැයීමටත් හැකි වනුයේ කළුගඟ ජලාශයේ ජලය මොරගහකන්ද ජලාශය වෙත සැපැයීමට හැකි වීම නිසාය.
මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 25 විදුලි බල ධාරිතාවක් ජාතික විදුලබල පද්ධතියට එක් කෙරේ. මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට බහු කාර්ය ව්‍යාපෘතියකින් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25ක් එක් කිරීමේ අවස්ථාව සනිටුහන් කිරීම ද ඒ අනුව අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.
එමෙන්ම මොරාගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් නම් කරනු ලැබීමේ සුවිශේෂී කටයුත්ත ද සිදු වේ. ඒ මෙරටට අනන්‍ය වූ නව තාක්ෂණික ඉදිකිරීම් ක‍්‍රම නිර්මාණය කළ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ඉංජිනේරුවාණන් සැමරීම පිණිසය.
COMMENTS