ඩොලර් බිලියන 16ක් වටිනා නව ආයෝජන ව්‍යාපෘති ඇරඹීමට සිංගප්පූරුව සමඟ සාකච්ඡා පවත්වයි. ශ්‍රී ලංකා සිංගප්පූරු නව නිදහස් වෙළෙඳ ගිවිසුමේ ප්‍රත...
ඩොලර් බිලියන 16ක් වටිනා නව ආයෝජන ව්‍යාපෘති ඇරඹීමට සිංගප්පූරුව සමඟ සාකච්ඡා පවත්වයි.
ශ්‍රී ලංකා සිංගප්පූරු නව නිදහස් වෙළෙඳ ගිවිසුමේ ප්‍රතිලාභ අත්පත් කරගනිමින් මහා පරිමාණ ව්‍යාපෘති 4ක් ඇරඹීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සාකච්ඡාකරමින් සිටී.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයීය තොරතුරුවලට අනුව මෙම මහා පරිමාණ ව්‍යාපෘති හතරෙහි අපේක්‍ෂිත ආයෝජන වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 16කි. මෙම ව්‍යාපෘති අපනයනය මූලික කර ගත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපෘති වන අතර ශ්‍රී ලංකා සිංගප්පූරු නව නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ක්‍රියාත්මක කෙරෙන ප්‍රථම ව්‍යාපෘති ලෙස සැලකිය හැකිය.
මේ අනුව අපනයන මූලික තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් හම්බන්තොට ස්ථාපනය කෙරේ. එහි ආයෝජන වටිනාකම ඩොලර් බිලියන 14.8කි. එමෙන්ම ලෝහ නිෂ්පාදන සහ අපනයන ව්‍යාපෘතියක් ඩොලර් බිලියන 1ක ආයෝජනයක් සමඟින් ත්‍රිකුණාමලයේ ඇරඹීමට නියමිතය.
තව නව ව්‍යාපෘති 2ක් හම්බන්තොට ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත. ඩොලර් මිලියන 200ක ආයෝජනයක් සමඟින් සීනි පිරිපහදු කර්මාන්තශාලාවක් සහ දේශීය සහ විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් තිරිඟු පිටි නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඩොලර් මිලයන 50ක ආයෝජනයක් සහිතව ඇරඹීමට නියමිතව ඇත.
මෙම සියලු ව්‍යාපෘති දැනට ආයෝජන මණ්ඩලයේ ඇගයීමට ලක් වෙමින් පවතින අතර, සුදුසු ඉඩම් ලබා ගත් විගස ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
1977 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ලිහිල් කරන වැඩපිළිවෙළේ ආරම්භයේ දී ම මෙරට ආයෝජනය කළ රටවල් අතර ප්‍රධාන තැනක් සිංගප්පූරුවට හිමිවිය. ප්‍රීමා සමාගම් සමුහය සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය මෙන්ම හැව්ලොක් නිවාස යෝජනා ක්‍රමය වැනි සමාගම් හිමි ෂින් ක්වාන් සමාගම් මේ අතර ප්‍රධානවේ.
පසුගිය දශක දෙකක කාලයේ සිංගප්පූරුවෙන් පිටතට ගලා ගිය සෘජු විදේශ ආයෝජන ශීඝ්‍රයෙන් වර්ධනය වූවද ශ්‍රී ලංකාව වෙත ගලා ආ සිංගප්පූරු ආයෝජනවල අඩුවීමක් සිදුවිය. කෙසේ වූවද ශ්‍රී ලංකා සිංගප්පූරු නව වෙළෙඳ ගිවිසුම යටතේ වැඩි වශයෙන් සිංගප්පූරු ආයෝජන ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමේ ශක්‍යතාවක් පවතී. මේ අනුව අනාගත සිංගප්පූරු ආයෝජන වැඩසටහනේ ශ්‍රී ලංකාවට ස්ථිරසාර ස්ථානයක් හිමිවනු ඇත.
ඉහත සඳහන් ව්‍යාපෘතිවලට අමතරව ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ශ්‍රි ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ආයෝජන ව්‍යාපෘති රැසක් ලැබෙන බවට බලාපොරොත්තු තබා ගත හැකිය.
COMMENTS