දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ගේ අමාත්‍යංශයෙන් අය-වැය දිනන්න අල්ලස් දීලා?
Homeගොසිප්

රනිල්ගේ අමාත්‍යංශයෙන් අය-වැය දිනන්න අල්ලස් දීලා?

PropellerAds

මෙවර අය-වැය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පහළොස් දෙනකු ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මූල්...

අත කොටා උසාවිය අසළදී මාධ්‍ය වේදීන්ට තර්ජනය කරලා
ලංකාවේ ප්‍රාදේශිය ව්‍යවහාර ගැන මේ දිනවල පැතිරෙන ෆේස්බුක් සංවාද
නව ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පතට කොමිස් කාක්කෝ කෑගසති - ටෙන්ඩර් හුටපටය මැද කොමසාරිස් ඉවතට

මෙවර අය-වැය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පහළොස් දෙනකු ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි දෙක බැගින් ලබා ගත්තේ යැයි එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා චෝදනා කරයි.

එය තමන්ට ඔප්පු කළ හැකි බවද හෙතෙම අභියෝග කරයි.

මේ සම්බන්ධයෙන් ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයාගෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීය.

දෙමළ ජාතික සන්ධානය මෙවර අය-වැයට විරුද්ධව ඡන්දය ලබාදීමටයි පළමුව තීරණය කර සිටියේ. ඒ තවමත් අපගේ ජනතාවගේ ඉල්ලීම් ඉටු නොවීම හා යුද්ධයක් රටේ නොමැති පසුබිමක ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන් කිරීමත් යන කාරණා හේතුකරගෙනයි. නමුත් හදිසියේම දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ප්‍රමුඛ පිරිස අය-වැයට සහාය ලබාදීමට තීරණය කළා.

මේ පිළිබඳව සොයා බැලීමේදී තමයි මෙම සිදුවීම මට හෙළි වුණේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රතිපාදන ලෙස හිමි වනුයේ කෝටියක මුදලක් පමණයි. නමුත් මා හැර දෙමළ ජාතික සන්ධානයේ ඉතිරි මන්ත්‍රිවරු පහළොස් දෙනාට තවත් කෝටිය බැගින් හිමිව තිබෙනවා. ඒ කොහොමද?

එම මුදල වියදම් කිරීමට සැලසුම් කර නැහැ. ඒ අනුව මට පෙනී යනුයේ එය දේශපාලන අල්ලසක් ලෙසයි. මම අය-වැයට විරුද්ධව කතා කළ නිසා මට මේ මුදල ලබාදී නැහැ. මම හිතන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු මේ කළ ක්‍රියාව වැරැදි කියලයි.

අපි කිසිම අල්ලසක් ආණ්ඩුවෙන් අරගෙන නැහැ.

මේ පිළිබඳව අප දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඥානමුත්තු ශ්‍රීනේෂන් මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවැසුවේය.

ශිවශක්ති මන්ත්‍රිවරයා කට තිබෙන පළියට මෝඩ කතා කියනවා.  එය අපට ඔප්පු කරන්න පුළුවන්. යුද්ධය නිසා උතුර නැඟෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු බොහොමයක් සිදු කරන්න තිබෙනවා. ඒ නිසා අපිට ලැබෙන ප්‍රතිපාදන මදි කියලා අපි ආණ්ඩුවට කිව්වා. ඒ අනුව විපක්ෂ නායකවරයා හරහා අග්‍රාමාත්‍යවරයා හමුවුණා. අපිට ලැබෙන ප්‍රතිපාදන මදි ජනතාවට සේවය කරන්න කියලා අපි අග්‍රාමාත්‍යවරයාට සෘජුවම ප්‍රකාශ කළා. ඒ අනුව තමයි අග්‍රාමාත්‍යවරයා තවත් කෝටිය බැගින් අග්‍රාමාත්‍ය මූල්‍ය ප්‍රතිපාදන හරහා අපේ මන්ත්‍රිවරුන් පහළොස් දෙනකුට ලබා දුන්නේ. ඒ මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නේ ව්‍යාපෘති සඳහායි. අපේ මන්ත්‍රිවරු පහළොස් දෙනකු විසින් අග්‍රාමාත්‍යවරයාට ව්‍යාපෘති භාරදුන්නා. ඒවාට තමයි මුදල් ලැබුණේ.

නමුත් තවදුරටත් ප්‍රකාශ කරන්න ඕන. මේ මුදල් තවමත් අපගේ අතට ලැබිලා නැහැ. අනෙක මෙම මුදල් ලැබෙන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා හරහා අදාළ ව්‍යාපෘතිවලටයි. ශිවශක්ති ආනන්දන් මහතා දේශපාලන වාසි තකා මෙවැනි ප්‍රකාශ සිදු කරනවා.

පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාටම විමධ්‍යගත අය-වැයෙන් සිය ආසනවල සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන්නේ රුපියල් කෝටියකි. මේ වරප්‍රසාදය සියලුම මන්ත්‍රිවරුනට හිමි වූවකි. කිසිසේත් තෝරාගත් මන්ත්‍රිවරුන් පිරිසකට පමණක් විමධ්‍යගත අය-වැයෙන් වැඩි මුදලක් ගෙවීමට ප්‍රතිපාදන සැලසී නැත. සෑම මන්ත්‍රිවරයකුටම ලැබෙන්නේ එක සමාන වරප්‍රසාදයක් බැවිනි. එසේ වුවත් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා පවසන අන්දමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 16 දෙනාගෙන් 15 දෙනකුට පමණක් විමධ්‍යගත අය-වැයෙන් රුපියල් කෝටියක මුදලක් වැඩිපුර ලබාදී තිබේ. එම සන්ධානයේ මන්ත්‍රිවරයකු වන ආනන්දන් මහතාට එම වරප්‍රසාදය සලසා දී නැත.

ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයා දේශපාලන හේතුමත පසුගියදා දෙමළ සන්ධානයේ ඉවත්ව ඊලාම් ජනතා විප්ලවකාරි නිදහස් පෙරමුණට එක්විය.

(මව්බිම)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ගේ අමාත්‍යංශයෙන් අය-වැය දිනන්න අල්ලස් දීලා?
රනිල්ගේ අමාත්‍යංශයෙන් අය-වැය දිනන්න අල්ලස් දීලා?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjp2zuEW7rCEpoxn92eG8DOKjBCdUk9haD33tA4CvUWbeIC5qh5ley-8k1gvcc-F2tLkf1bANF3LY5pguRmR_y4jbKBVp0fk845ptMUxNIt078zPqUCjDyBqr2YTsRMSHzstRrW3yqX_ngt/s1600/ranil+wickremesinghe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjp2zuEW7rCEpoxn92eG8DOKjBCdUk9haD33tA4CvUWbeIC5qh5ley-8k1gvcc-F2tLkf1bANF3LY5pguRmR_y4jbKBVp0fk845ptMUxNIt078zPqUCjDyBqr2YTsRMSHzstRrW3yqX_ngt/s72-c/ranil+wickremesinghe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_569.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_569.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy