කෙටි කාලයක් තුළ ධනවතුන් බවට පත්වූ බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේද සහය ඇතිව බන්ධනාගාර බුද්ධි අංශය පුළුල් විමර්ශනයක් ...
කෙටි කාලයක් තුළ ධනවතුන් බවට පත්වූ බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේද සහය ඇතිව බන්ධනාගාර බුද්ධි අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
එම විමර්ශනයේදී තමන් උපයන වැටුපට වඩා වැඩි ආදායම් ලබන බන්ධනාගාර නිලධාරීන්ට එම ආදායම් ලැබෙන්නේ කෙසේ දැයි සොයා බැලීමට නියමිතය.
බන්ධනාගාරවල රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ ජාවාරම්කරුවන් සමඟ ඇතැම් බන්ධනාගාර නිලධාරීන් සබඳතා පවත්වමින් මෙලෙස ධනවතුන් වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවාගෙන සිටින විවිධ තරාතිරමේ ධනවත් රැඳවියන් සමග සබඳතා පවත්වාගෙන යන මෙම ඇතැම් නිලධාරීන් එම රැඳවියන්ට අවශ්‍ය සියලු පහසුකම් හොර රහසේ ලබාදීමට ක්‍රියා කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.
දැනට රිමාන්ඩ් භාරයේ රඳවා සිටින අර්ජුන් ඇලෝසියස් වැනි සැකකරුවන්ට ජංගම දුරකථන පහසුකම් ලබාදීමෙන් පවා ඇතැම් බන්ධනාගාර නිලධාරීන් විශාල ලෙස මුදල් උපයන බවට සැකපහළ වී ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
බන්ධනාගාරයේ තිබී සොයාගනු ලැබූ සිම්කාඩ්වලින් සැකකරුවන් සබඳතා පැවැත්වූ බන්ධනාගාර නියාමකයන් පිළිබඳව තොරතුරු සොයා බලාගෙන යන බවද මෙවැනි බන්ධනාගාර නිලධාරීන් 15 කට ආසන්න පිරිසක් බන්ධනාගාරයේ පසුවෙන බව සැක කරන අතර ඔවුන් හැර සෙසු නියාමකයන් සහ නිලධාරීන් සේවය අකුරටම ඉටු කරන බවද බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවසී ය.
COMMENTS