හැටන් නගරයේ පෞද්ගලික වෛද්‍ය සායනයක් පවත්වාගෙන යන අැපොතිකර වෛද්‍යවරයෙකු විසින් ලබාදුන් ප්‍රතිජීවක එන්නතකින් පසු ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන...
හැටන් නගරයේ පෞද්ගලික වෛද්‍ය සායනයක් පවත්වාගෙන යන අැපොතිකර වෛද්‍යවරයෙකු විසින් ලබාදුන් ප්‍රතිජීවක එන්නතකින් පසු ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් තිදරු මවක් දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
ඊයේ (16) මෙලෙස දික්ඔය රෝහලට ඇතුළත් කර ඇත්තේ හැටන් - බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි රමලන් නමැති 34 හැවිරිදි කාන්තවකි.
ඇය මව්කිරි කැට ගැසීමේ රෝගයෙන් පෙළි ඇති අතර නාවලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පසුගිය 15 වැනිදා පස්වරුවේ එම රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා හැටන් නගරයේ අපොතිකර වෛද්‍යවරයෙකු විසින් පවත්වාගෙන යන වෛද්‍ය සායනයකට ගොස් ප්‍රතිකාර ලබාගෙන තිබේ.
එහිදී එම වෛද්‍යවරයා විසින් ඔසුසලකින් එන්නතක් රැගෙන ලෙස ඇයට දන්වා ඇති අතර පසුව අදාල වෛද්‍යවරයා විසින් එය එන්නත් කොට ඇත.
ඉන්පසුව එදින රාත්‍රියේ ඇය දැඩි අසාධ්‍ය තත්තවයෙන් පසුවීම නිසා ඥාතීන් විසින් ඇයව යළි රෝහල්ගත කර තිබේ.
රෝගී කාන්තාවගේ ඥාතීන් විසින් කල්ඉකුත් වූ ඖෂධ අළෙවි කළ එම ඔසුසල වටලා කලහකාරී ලෙස හැසිරී ඇති අතර පොලීසිය විසින එම ඔසුසල වසා දැමීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ ඇපොතිකර වෛද්‍යවරයෙකුට රෝගියෙකුට එන්නතක් ලබාදීමට නෛතික බලයක් නොමැති බවයි.
මෙම සිද්ධිය සමථයකට පත්කරගන්නේ නම් මුදල් ලබාදෙන බවට අදාළ ඔසුසල් හිමියා තමන්ට කී බවට රෝගී කාන්තාවගේ ඥාතීන් චෝදනා කරයි.
හැටන් පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS