ඒකාබද්ධ විපක්ෂය සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදවතින්ම මෙම පක්ෂය සමග සිටින බවත්,මෙම පක්ෂයට සම්බන්ධවීමේදී ඔවුන්ට නීතිමය බාධා එල්ලවී ...
ඒකාබද්ධ විපක්ෂය සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදවතින්ම මෙම පක්ෂය සමග සිටින බවත්,මෙම පක්ෂයට සම්බන්ධවීමේදී ඔවුන්ට නීතිමය බාධා එල්ලවී තිබෙන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද(17) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ලක්ෂ 78ක ජනතාවක් පෙළගැසී සිටින බවද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් ලෙසට නව පක්ෂය හැඳින්විය හැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලෙන් හෝ නව පක්ෂයට සම්බන්ධ කරගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පක්ෂයේ සාමාජික කාඩ්පත් 100ක්ද, පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා පක්ෂයේ සාමාජික කාඩ්පත් 200ක් වෙන්කර තිබෙන බවයි.
COMMENTS