මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය යටතේ බීමට නුසුදුසු තත්ත්වයේ පවතින අධික මඩ සහිත ජලය හෙම්මාතගම ප්‍රදේශයේ ජල නළ මාර්ග මඟින් ලබා දෙන...
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය යටතේ බීමට නුසුදුසු තත්ත්වයේ පවතින අධික මඩ සහිත ජලය හෙම්මාතගම ප්‍රදේශයේ ජල නළ මාර්ග මඟින් ලබා දෙන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මෙම ජලය හේතුවෙන් වසංගත රෝග පවා ඇති විය හැකි බවට ඔවුහු මැසිවිලි නගති.
මැදිලිය ඇටම්පාවල ප්‍රදේශයේ ඇති ජල පවිත්‍රාගාරය හරහා නිරතුරුව බොර වතුර ගලා එන බවත්, අසුපිනි ඇල්ල ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇති මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය අසීරු තත්ත්වයකට මුහුණ පෑමට සිදු වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
COMMENTS