පාතාලයේ ක්‍රියාකාරකම් එන්න එන්නම වැඩි වෙනවා.මේවාට රජය සම්පුර්ණයෙන්ම වගකිව යුතුයි. පොලිසිය හරහා මේවා මැඩ පැවැත්විය යුතුයි. පොලිස්පති භාවනා ...
පාතාලයේ ක්‍රියාකාරකම් එන්න එන්නම වැඩි වෙනවා.මේවාට රජය සම්පුර්ණයෙන්ම වගකිව යුතුයි. පොලිසිය හරහා මේවා මැඩ පැවැත්විය යුතුයි. පොලිස්පති භාවනා කරනවා. පාතලය මර්දන කිරිම පැත්තක තබා රජය තමන් පසුපස එලවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (17) අනුරාධපුරයේ දී පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ (17) පෙවරුවේදී ශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහ සෑය අභියස පැවැති ආගමික වතාවත් වලින් පසුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කිරිම සම්බන්ධයෙන් මෙහිදි මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මැදගොඩ හිමියන් සිදුකළ ප්‍රකාශය නිවරුදි බවයි. රජය හිතාමතාම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කර ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස හිමියන් බැහැ දැකීමෙන් පසුව ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව ආගමික වතාවත් වලට සහභාගී විය.
COMMENTS