ලොක්යේ දේශපාලකයන් ඇතුළු විවිධ පුද්ගලයන් විසින් අයථා ලෙස ඉපැයූ අරමුදල් පිළිබඳව හෙළි කළ පැන්ඩෝරා පේපර්ස් ලියවිල්ලේ සඳහන් ශ්‍රි ලාංකිකයන් සම්...
ලොක්යේ දේශපාලකයන් ඇතුළු විවිධ පුද්ගලයන් විසින් අයථා ලෙස ඉපැයූ අරමුදල් පිළිබඳව හෙළි කළ පැන්ඩෝරා පේපර්ස් ලියවිල්ලේ සඳහන් ශ්‍රි ලාංකිකයන් සම්බන්ධයෙන් පූර්ණ විමර්ෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබේ. ඊයේ (06) පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගන්නා ලද්දේ අමාත්‍යවරුන් අතර මේ පිළිබඳව ඇති වූ කතා බහෙන් අනතුරුව බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.
පැන්ඩෝරා පේපර්ස් හි හෙළි නොකළ ගනුදෙනු සහ වත්කම්වලට ගෑවුණු ශ්‍රි ලාංකිකයන් ලෙස මෙතෙක් හෙලිදරව් වී ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරුතුමාර් නඩේසන් ය. මෙහිදී අමාත්‍යවරුන් ගණනාවක්ම මේ පිළිබඳව අදහස දක්වා ඇති අතර එහිදී ශ්‍රි ලංකාවට මෙයින් සිදුවිය හැකි හානිකර තත්ත්ව පිළිබඳව අවධානය යොමුව ඇත. ඒ අනුව මෙම අනාවරණයන් පිළිබඳව පූර්ණ විමර්ෂණයක් සිදු කිරීමට තීරණය වී ඇත.
සති කිහිපයක් පුරා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ කැබිනට් රැස්වීම ඊයේ සාමාන්‍ය පරිදි රැස් කිරීමට කටයුතු යොදා තිබුණද අවසන් මොහොතේ එය යළි සූම් තාක්ෂණය ඔස්සේ ම පැවත්වීමට තීරණය කර ඇත.

COMMENTS