යාපනයේ තෙලිප්පලෙයි මල්ලාකම් ප්‍රදේශයේදී 17 වනදා රාත්‍රී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මාන...
යාපනයේ තෙලිප්පලෙයි මල්ලාකම් ප්‍රදේශයේදී 17 වනදා රාත්‍රී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සහාව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මේ වෙඩි තැබීමේ සිද්ධිය සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව ඒ පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
පැමිණිලි ලැබීමෙන් පසුව මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ඒ සිද්ධිය සිදු වූ අවස්ථාවේදී ඒ අසල සිටි ජනතාවගෙන් හා සිද්ධිය සියැසින් දුටු පිරිසගෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් තොරතුරු රැස් කරගෙන තිබේ.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් පවත්වා ගෙන යන අතර මේ වන විට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තර ලබාගනිමින් සිටින අතරතුර පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය සියැසින් දුටු පුද්ගලයින්ගෙන්ද කට උත්තර ලබාගෙන තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS