දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහාචාර්ය මොහාන් මුණසිංහට ප්‍රංශයේ ඉහළම ගෞරව සම්මානය
Homeප්‍රවෘත්ති

මහාචාර්ය මොහාන් මුණසිංහට ප්‍රංශයේ ඉහළම ගෞරව සම්මානය

PropellerAds

ඔක්තෝබර් 9 වැනි දින මෙම ගෞරව සම්මාන පිරිනැමීම සිදුවුණේ රාජගිරිය ලේක් ඩ්‍රයිව් හි පිහිටා තිබෙන ප්‍රංශ තානාපති නිල නිවසේදී ය. ප්‍රංශ තානාපත...

වැලිකඩ, පොලොන්නරු බන්ධනාගාර කන්දකාඩු ලොක්ඩවුන්
රවී-ඇලෝෂියස් අත්අඩංගුවට ගැනීම තහනම්: අභියාචනාධිකරණයෙන් නියෝගයක් !
චම්පිකගේ සියලු හොර වැඩ ළඟදීම හෙළිකරනවා - රවි කරුණානායක
මහාචාර්ය මොහාන් මුණසිංහට ප්‍රංශයේ ඉහළම ගෞරව සම්මානය

ඔක්තෝබර් 9 වැනි දින මෙම ගෞරව සම්මාන පිරිනැමීම සිදුවුණේ රාජගිරිය ලේක් ඩ්‍රයිව් හි පිහිටා තිබෙන ප්‍රංශ තානාපති නිල නිවසේදී ය. ප්‍රංශ තානාපති ජින්-මරින් ෂූ මහතා මෙන්ම ගරු කථානායක කරු ජයසූරිය මහතා ද මේ අවස්ථාවට සහභාගි වී සිටියේය. 

The “Légion d’Honneur” යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම ගෞරව සම්මානය ප්‍රංශ ජනරජය විසින් පුද්ගලයෙක් වෙත පිරිනැමිය හැකි ඉහළම ජාතික සම්මානය සහ පදවිය වෙයි. මෙය කෙළින්ම ප්‍රංශ ජනාධිපතිවරයාගේ විෂය පාත්‍රතාවය යටතට ගැනෙන්නකි.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මැන්චෙස්ට් සරසවියේ සහ බ්‍රසීලයේ පාරා සරසවියේ තිරසාර සංව්ධනය පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් දැනට සේවය කරයි. 2007 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිටපු ඇමරිකානු උප ජනපති අල් ගෝර් සහ ‘පාරිසරික වෙනස්කම් පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලය’ (Intergovernmental Panel on Climate Change -IPCC) නම් ආයතනයක් අතර සමසේ බෙදී ගිය බව ඔබට මතකද? මෙම පාරිසරික වෙනස්කම් පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලයේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ය. ඔහුව ජාත්‍යන්තර වශයෙන් බොහෝ දෙනා දැන සිටින්නේ ද ඒ අනුව ය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා 2015 දෙසැම්බර් මස ලෝකයේම අවධානය දිනාගත් පැරිස් දේශගුණික සම්මුතිය හෙවත් COP21 සාර්ථක කර ගැනීම සඳහා මහත් මෙහෙයක් කළ විද්වතෙක් ද වේ. ශ්‍රී ලාංකික මහජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම, තිරසාර සංවර්ධනය හා ලෝකයේ බලශක්ති අර්බුදය මෙන්ම විශේෂයෙන්ම පරිසරය සම්බන්ධයෙන් ඔහු කළ මෙහෙවර සහ, ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ගෝලීය මට්ටමේ සන්නිවේදනයන් සාර්ථක කර ගැනීම පිණිස ඔහු විසින් සිදුකළ, කිසිදා අසාර්ථක නොවූ කාර්යභාරය අගයනු වස් මෙම සම්මානය පිරිනමන බව ප්‍රංශ තානාපති කාර්යාල නිල නිවේදනය සඳහන් කරයි.

- අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහාචාර්ය මොහාන් මුණසිංහට ප්‍රංශයේ ඉහළම ගෞරව සම්මානය
මහාචාර්ය මොහාන් මුණසිංහට ප්‍රංශයේ ඉහළම ගෞරව සම්මානය
http://ift.tt/2yIRZsW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_704.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_704.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy