දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මංගලගේ බද්ද මෛත්‍රී ඉවත් කරයි
Homeප්‍රවෘත්ති

මංගලගේ බද්ද මෛත්‍රී ඉවත් කරයි

PropellerAds

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 84වන වගන්තිය යටතේ සිනමා කර්මාන්තයේ නියැලෙන්නන්, ටෙලි නාට්‍ය නිෂ්පාදකයින් සහ ග්‍රන්ථ කතුවරුන්ට රැඳවුම් බද...

රංගේ බණ්ඩාරගේ පුතාට ඇප
දෙමළ සන්ධානයේ විරෝධය හමුවේ කාදර් මස්තාන් නියෝජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වේ
ඥාණසාර හිමිට මාස 6ක සිරදඬුවම්
මංගලගේ බද්ද මෛත්‍රී ඉවත් කරයි

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 84වන වගන්තිය යටතේ සිනමා කර්මාන්තයේ නියැලෙන්නන්, ටෙලි නාට්‍ය නිෂ්පාදකයින් සහ ග්‍රන්ථ කතුවරුන්ට රැඳවුම් බද්දක් ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති ගැටලු පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කළ බවත් එම කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඊයේ (06) උදෑසන එහි ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා විසින් මෙම තීරණය දැනුම්දීමට කටයුතු කළ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් සියලු ම නාලිකා ප්‍රධානීන් වෙත මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීමට කටයුතු කර තිබේ.

එමෙන් ම මෙම ක්ෂේත්‍රයන් හි පවතින ගැටලු මෙන් ම ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා විසින් විෂයභාර අමාත්‍යවරුන් වෙත දැනුම්දීමට කටයුතු කළ බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙය නව දේශීය ආදායම් පනත මගින් සිදු වූ බදු පැනවීමක් නොවන බවත් නව බදු පනතේ වගන්ති අර්ථ නිරූපණය වැරදි ආකාරයෙන් තේරුම් ගැනිම හේතුවෙන් නාලිකා විසින් මෙම බද්ද අයකරගැනීමට කටයුතු කොට ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ ම මෙම බද්ද සම්බන්ධයෙන් වන වගන්තිය බදු ප්‍රමාණය 10%ක් වශයෙන් ඇතුළත් ව තිබූ බවත් නව බදු පනත යටතේ සිදු ව ඇත්තේ 10%ක් ව පැවැති බදු ප්‍රමාණය 14%ක් දක්වා ඉහළ දැමීමක් පමණක් බවත් ඉන් අනතුරුව මෙම බද්ද අයකරගැනීමට කටයුතු කොට ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

ඒ අනුව පසුගිය අප්‍රේල් 01දා සිට අයකර ගැනීමට කටයුතු කළ මෙම රැඳවුම් බද්ද අඩු කිරීමකින් තොරව නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට තමන් සියලු රූපවාහිනි නාලිකා ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කළ බවත් කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මංගලගේ බද්ද මෛත්‍රී ඉවත් කරයි
මංගලගේ බද්ද මෛත්‍රී ඉවත් කරයි
http://am.lk/media/k2/items/cache/c6843acba7cc902fd88680bed8c2e751_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_71.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_71.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy