උතුරු සංවර්ධන, නැවත පදිංචි කිරීම්, පුනරුත්තාපන හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන් මහතා හින්දු කටයුතු නිය...
උතුරු සංවර්ධන, නැවත පදිංචි කිරීම්, පුනරුත්තාපන හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන් මහතා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ සදහා අද (14) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර එම ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබේ.
නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීමේදී හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය කාදර් මස්තාන් මහතාට පිරිනැමීමත් සමඟ දෙමළ දේශපාලන ධාරාවෙන් එල්ල වූ විරෝධය හා විවේචන මත මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.
තමාට පිරිනැමූ හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී උතුරු සංවර්ධන පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ නි. අමාත්‍ය ධූරයේ යළි දිවුරුම් දීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.
COMMENTS