දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී පුළුන් ඉතිරි කර මැසුවැයි 23 හැවිරිදි මව කෝටි 10 ක් වන්දි ඉල්ලයි
Homeගොසිප්

ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී පුළුන් ඉතිරි කර මැසුවැයි 23 හැවිරිදි මව කෝටි 10 ක් වන්දි ඉල්ලයි

PropellerAds

ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී අතපසුවී උදරයේ පුළුන් ඉතිරි කර මැසුවැයි 23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි ආස...

ජනාධිපති හංගන් ඉන්න කොමිසම් සභා වාර්තා 34 මෙන්න.
ශ්‍රී ලංකාවේ වීසා ප්‍රතිපත්තිය වෙනස් වෙයි.
මංගල, කාන්තාවන්ට තිබු බාධාවක් ඉවත්කරයි.

ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී
අතපසුවී උදරයේ පුළුන් ඉතිරි කර මැසුවැයි

23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි

ආසිරි රෝහල් ජාලයට අයත් කොළඹ ද සෙන්ට්‍රල් පුද්ගලික රෝහලේ සිසේරියන් සැත්කම කළ වර්ණකුලසූරිය නමැති නාරිවේද වෛද්‍යවරයා නොසැලකිල්ලෙන් තම දරු ප‍්‍රසූතියේදී පුළුන් කැබැල්ලක් උදරයට දමා මැසීයැයිද ඒ නිසා මාස ගණනාවක් විවිධ කරදර වින්දේ යයිද දන්වමින් ඊට වන්දි හැටියට රුපියල් කෝටි 10 ක මුදලක් ඉල්ලා 23 හැවිරිදි දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ
නඩුවක් පවරා තිබේ.
නාරිවේද විශේෂඥ වෛද්‍ය සී.වර්ණකුලසූරිය මහතා සහ ද සෙන්ට්‍රල්  පෞද්ගලික රෝහල මෙහි වග උත්තර කරුවන් හැටියට නම් කර ඇත.
මෙම පුළුන් කැබැල්ල ඉවත් නොකළහොත් තමන් මරණයට පත්වීමට වුවද හැකියාව තිබූ බව පැමිණිලිකාරිය එහිදී දන්වා තිබේ. ඊයේ (14 දා) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කළ කැලණිය දළුගම  පදිංචි එම්. සී. ටී. ඩී. පෙරේරා  23 හැවිරිදි දෙදරු මව මේ අන්තරායට මුහුණපා ඇත්තේ සිය දෙවන දරු ප්‍රසූතියේදීය.

විත්තිකාර විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස්‌ මත 2016 ජනවාරි 3 වැනිදා 

රෝහලට ඇතුළත් කර එදිනම සිසේරියන් සැත්කම මගින් දරුවා ප්‍රසූත කළ බව කියන  ඇය එම සැත්කම අවසන් වී දින කිහිපයක්‌ යනතුරුම තමාගේ උදරයේ හටගත් අධික වේදනාව හා සංකූලතා පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් නමුත් ඔහු තමා නිසි පරීක්‍ෂාවකට ලක්‌ නොකර වේදනා නාශක පමණක්‌ ලබාදුන් බව දන්වා සිටියාය.

අනතුරුව විශේෂඥ වෛද්‍යවරයකු මාර්ගයෙන් සිදුකළ ස්‌කෑන් පරීක්‍ෂණයේදී උදරයේ පුළුන් ගුලියක්‌ හෝ ගෝස්‌ ගුලියක්‌ ඇති බවට හඳුනාගත් බවත් එයින් විමතියට පත්වූ බවත් ඇය පැමිණිල්ලේ දක්වා ඇත.
2016.04.01 වැනිදා වෙනත් පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිදු කළ සැත්කමකදී එම පුළුන් හෝ ගෝස්‌ ගුලිය වටා ඇති වී තිබූ ගෙඩිය බඩවැලේ කොටසක්‌ ද සමඟ කපා ඉවත් කිරීමට පියවර ගන්නට පසුව සිදුවූ බව ඇය දන්වා ඇත.

 එකී තුවාල යථා තත්ත්වයට පත්වනතුරු බඩවැල් උදරයෙන් පිටත රඳවා කෘතිම ක්‍රම මගින් දින 45 කට ආසන්න කාලයක්‌ තමාගේ සාමාන්‍ය ශරීර කෘත්‍යයන් පවත්වාගෙන යැමට සිදුවූ බවත් ඇය පවසයි.
බඩවැල් අභ්‍යන්තර ද්‍රව්‍ය නැවත උදරය තුළට ඇතුළු කිරීම සඳහා 2016 මැයි 15 වැනිදා යළි දෙවැනි සැත්කමක්‌ කළ බවත් පළමුවන විත්තිකාර වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් ක්‍රියාව හේතුවෙන් තමාගේ ජීවිතය මාරාන්තික හා දැඩි අන්තරාදායක තත්ත්වයක පත්වූ බවත් ඒ අනුව ඇය පෙන්වා දෙයි.

අලුත උපන් දරුවාට මාස පහක අධික කාලයක්‌ යනතුරු මවුකිරි ලබාදීමට පවා මේ නිසා නොහැකි වූ බවත් ලබා දී තිබූ ඖෂධ හේතුවෙන් මවුකිරි ලබාදීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සිදුවීම, වෛද්‍ය පරීක්‍ෂණ හා සැත්කම් හේතුවෙන් ඉතා අධික මුදලක්‌ වැය කිරීමට එකී වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසා සිදු වූ බැවින් ඔහුගෙන් හා ඔහු සේවය කළ පෞද්ගලික රෝහලින් එක්‌ව හෝ වෙන් වෙන්ව එම වන්දිය ලබාදෙන ලෙස ද පැමිණිලිකාරිය ඉල්ලා ඇත.

ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද වෛද්‍ය
විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අවශ්‍ය බව ඒ අනුව ඇය දන්වා සිටී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී පුළුන් ඉතිරි කර මැසුවැයි 23 හැවිරිදි මව කෝටි 10 ක් වන්දි ඉල්ලයි
ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී පුළුන් ඉතිරි කර මැසුවැයි 23 හැවිරිදි මව කෝටි 10 ක් වන්දි ඉල්ලයි
http://ift.tt/2kodI2U
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/23-10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/23-10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy