පාලිත රංගේ බණ්ඩාර මහතා ඒ මහතාගේ පුත් යශෝද රංගේ බණ්ඩාර මහතා පසුගියදා සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් මාධ්‍යට බලපෑම් ඇති කරන බව වෙබ් මාධ්‍යවේදී...
පාලිත රංගේ බණ්ඩාර මහතා ඒ මහතාගේ පුත් යශෝද රංගේ බණ්ඩාර මහතා පසුගියදා සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් මාධ්‍යට බලපෑම් ඇති කරන බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් මහතා පවසයි.
ඒ ඊයේ කැඳවා තිබූ ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“හිරු නාලිකාවේ විකාශය කළා පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ ඒ රිය අනතුර. ඒක ප්‍රචාරය කරපු වෙලාවේ ඉඳලා ජනතාවගේ සල්ලිවලින් මාධ්‍ය හමු කැඳවලා, එක පිට පිට දෙකක් කැඳවලා තිබුණා. ඔහු හිරු නාළිකාවට කියලා දෙනවා කොහොමද මේ නිව්ස් ගහන්න ඕනේ කියලා. ඒකෙ තියෙනවා තර්ජනයක්. අපි දැක්කා ඔහු කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලේ අතුරුදහන් කරපුවා , මරපුවා අපිත් කළා නම් ඕවා ඔක්කොම හරි.එහෙම නිකන් පොඩි එකක් දානවා. මගේ පුතා කරපු වැරැද්ද හොයන්න එපා. මොකද අපි දන්නවා හිරු නාලිකාව කවුරුහරි කියපු නිසා මේ ඔවුන් ඒක විකාශය කළේ නැහැ. ඔවුන් ගාව රූපරාමු තියෙනවා. ඒ ගෙදර නිවැසියන්ගේ කතාව ඔවුන් ගාව තියෙනවා. සාක්ෂි තියෙනවා. පොලීසියට දුන්නු වාර්තා තියෙනවා. ඒ සියල්ල පදනම් කරගෙන. වොඩ්කා වතුර කරපු රංගේ බණ්ඩාර ඇමතිවරයා කියනවා නාළිකාවට ඔයාලා මේක ගහන විදිය වැරදියි.”
“ඔය කතාව මෙහම හදලා ගන්න. ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ. අද උදෑසන මේ මාධ්‍ය හමුවට එන්න කලින් උදේ ටී.වී දැම්මම ලංකාවේ ජාතික නාළිකාවක, අර උදේ පත්තර කියන මල්ලිලා දෙන්නෙක් පත්තරේ කියන අතරේ ගන්නවා දුරකතනයෙන් සජීවීව පාලිත රංගෙ බණ්ඩාර අමාත්‍යවරයාට. දැන් අමාත්‍යවරයා කතා කරනවා දැන් විනාඩි 03ක විතර කාලයක්. ඔහු කතා කළාට පස්සේ අර මාධ්‍යවේදීන් දෙදෙනා කියනවා බොහොම ස්තූතියි රාජ්‍ය ඇමතිතුමනි මේ සත්‍ය පහදා දුන්නාට. දැන් හරි මරයි ණේ. මේ රටේ ඇමතිවරු, උන්ගේ පුතාලා වැරදි කළාම එයාලට පුළුවන් සත්‍යය පහදන්න. ඒකද මේ රටේ නීතිය? ඒකද පිළිගන්න ඕනේ. පාලිත රංගෙ බණ්ඩාර මහත්තයා පොලිස් කාරයෝ දන්නවා කොහොමද සාක්කි හදන්නේ. මේ යමින් තියෙන්නේ ඒ ගමන. ඒ නිසා මොකද කරන්නේ ඇත්ත කතා කරන නාලිකා වලට එරෙහිව තර්ජනය කරමින් ඉන්නවා. මාධ්‍ය නාලිකා වලට තර්ජනය කරන්න ඉඩ දෙන්න එපා. ඒක හැමෝගෙම වගකීම.”යැයිද ඔවුන් වැඩිදුරටත් පැවසීය.
COMMENTS