ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අදහසක් අනුව පාර්ලිමේන්තුවේ පිහිටි භූමිභාගය වෙත විදිමත් සීමා මායිම් සදහන...
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අදහසක් අනුව පාර්ලිමේන්තුවේ පිහිටි භූමිභාගය වෙත විදිමත් සීමා මායිම් සදහන් කරන ලද සින්නක්කර ඔප්පුවක් පිරිනැමීම අද (20) දින පස්වරුවේ සිදු විය.
ඒ අනුව එම සින්නක්කර ඔප්පුව අද කථානායකවරයා වෙත අමාත්‍යවරයා විසින් ප්‍රදානය කොට තිබේ.
මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේ හිමිකම තහවුරු වූයේ, හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ලබා දුන් සන්නස් පත්‍රයකිනි. ඉන්පසු යළි ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව පිහිටි භූමිය පුළුල් කරමින් තඹ සන්නසක් ලබාදී තිබේ.
අද ලබා දෙන පැවරුම් සහතිකයට පාර්ලිමේන්තු සංකීර්ණය අයත් භූමියේ හෙක්ටයාර් 18ක් අයත් බව ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය පැවසීය.
නව නිල ඔප්පුව ප්‍රකාරව දියවන්නාවෙන් එපිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමිය හා ගොඩනැඟිල්ලද අයත් වේ.
COMMENTS