පසුගියදා අනුනායක හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිට්ලර් වගේ වැඩ කරන්න යැයි නොපැවසූ බවත් ඇතැම් නායකයින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කරමින් සිටින...
පසුගියදා අනුනායක හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිට්ලර් වගේ වැඩ කරන්න යැයි නොපැවසූ බවත් ඇතැම් නායකයින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කරමින් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (24) පස්වරුවේ කොළඹ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
උඩරට අමරපුර මහානිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති හිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්ය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අද වෙලා තියෙන්නේ අපේ නායකයෝ ඒදන්ඩේ ගිය නායක හාමුදුරුවොයි ගෝලයයි කිව්වා වගෙයි ගෝලයා වැටුණම පැනලා බේරගත්තම ගෝලයා තියලා ආවා. අපේ නායකයෝ ඒක කරේ තියාගෙන යනවා. එකයි වෙලා තියෙන්නේ. නායකයින් තමන්ගේ දේශපාලන වාසි වලට එක එක්කෙනාගේ පෞද්ගලික වාසි වලට අර්ථය වෙනස් කරමින් ඉදිරිපත් කරමින් මේක කර තියාගෙන දුවන්න හදනවා. ජනතාව එතරම්ම මෝඩයි කියලා ඔවුන් හිතාගෙන ඉන්න හින්දා. ඒ කෙසේවෙතත් එදා අනුනායක හාමුදුරුවෝ කළ ප්‍රකාශයේදී උන්වහන්සේට විතරක් නෙවෙයි අපිට වුණත් කිසි විටක හිතුනේ නැහැ උන්වහන්සේ මේ ප්‍රකාශ කලේ මේ විදියට වැඩ කළ යුතුයි කියලා, මිනී මරන්න, ගහන්න, හිට්ලර් වගේ වැඩ කරන්න කියලා නෙවෙයි.”
COMMENTS