ඇ තැම් මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් සිදුවිය හැකි ප‍්‍රහාරයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයා වෙත දැනුම් දීමක් කර ඇතැයි...
ඇතැම් මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් සිදුවිය හැකි ප‍්‍රහාරයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයා වෙත දැනුම් දීමක් කර ඇතැයි වාර්තා වේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ පෙරේදා දිනයේදීයි.
අන්තවාදී ආගමික අදහස් දරණ මොහොමඞ් කාසීම් සහරාන් නමැත්තා සහ ඔහුගේ අනුගාමිකයින් පිරිසක් ප‍්‍රහාර සිදු කරනු ඇතැයි ද එහි සඳහන් වනවා.
කුප්පු පල්ලි නොහොත් අචුලියා පල්ලි මෙම ප‍්‍රහාරයේ ඉලක්ක විය හැකි බවයි දැනුම් දීමෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ. කුප්පු නොහොත් අචුලියා පල්ලි ලෙස සැලකෙන්නේ මියගිය මුස්ලිම් ආගමික නායකයින්ගේ සොහොන් මුල් කර ගනිමින් ඇදහීම් සිදු කරන ස්ථාන බවද මෙමගින් දැනුම් දී තිබෙනවා. විශ්වාස කටයුතු තොරතුරුකරුවෙකුගෙන් අදාළ තොරතුරු ලැබුණු බවයි දැනුම් දීමෙහි වැඩිදුරටත් සඳහන් කළේ.
-නෙත්

COMMENTS