රජයේ නාළිකාවක මාධ්‍යවේදී මහේෂ් නිස්සංක කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේදී කායවර්ධන මධ්‍යස්ථානයක හිමි...
රජයේ නාළිකාවක මාධ්‍යවේදී මහේෂ් නිස්සංක කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේදී කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට මාධ්‍යවේදී මහේෂ් නිස්සංක විසින් පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙනි.
ඉකුත් 9 වන දා රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත නිවේදකයා සහ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු අතර ඇතිවූ ගැටුමක දී මෙම පිහි ඇනුම සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි වසන්ත කුමාර ලියනගේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සිහිනයකි රෑ වැඩසටහන ඉදිරිපත් කරන්නේද මහේෂ් නිස්සංක මහතා විසිනි.
COMMENTS