වලපනේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයෙකුට සහ වලපනේ ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ හිටපු රියදුරෙකුට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවමක් සහ ර...
වලපනේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයෙකුට සහ වලපනේ ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ හිටපු රියදුරෙකුට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂ 105 දඩ මුදලක් ගෙවන ලෙස අද (23) නුවරඑළිය මහාධිකරණ විනිසුරු එස්.යු.බි කරලියද්ද මහතා විසින් නියෝග කරනු ලැබීය.
මෙසේ සිර දඩුවම් නියම කරනු ලැබුවේ වලපනේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වලපනේ ආසනයේ සංවිධායක ජගත් කුමාර සමරහේවා සහ වලපනේ ප්‍රාදේශිය සභාවේ රියදුරු ලෙස කටයුතු කල බි ජටිල ලාල් යන අයටයි.
2004 වසරේ කෘෂිකර්ම දෙපාර්තුමේතුවට අයත් ජිප් රථයක් අවභාවිත කිරිම සම්බන්ධයෙන් සහ බල පත්‍රයක් නොමැතිව ගිනි අවියක් ලගා තබා ගැනිම යන චෝදනා යටතේ වලපනේ පොලිසිය විසින් පොදු දේපල පනත යටතේ සහ ගිනි අවි අඥා පනත යටතේ චෝදනා ගොනු කර තිබුණි.
දෙවන චෝදනාව යටතේ වසර දෙකක බරපතල වැඩ සහිතව සිර දඩුවම් සහ රුපියල් 7500 ක දඩ මුදලක් ද ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
මෙම දඩ මුදල් නොගෙවන්නේ නම් චුදිතයන්ට අමතර මාස 54 ක්ද සිර දඩුවමක්ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එවකට උඩුපුස්සැල්ලාව පොලිසයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කල වර්ථමානයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විසින් මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
රජය නිතිඥය සවිනි ඉද්දමල්ගොඩ මහත්මිය මෙම නඩුව මෙහෙයවා තිබිණි.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS